එජාපයෙන් 300ක් ශී‍්‍රලනිපයට

එජාපයෙන් 300ක් ශී‍්‍රලනිපයට

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙයි.

ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයාද වූ ජයන්ත ජයකොඩි මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වී මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරග වැදී සිටියි.

ඒ මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වූ ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධූරයට පත්කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර වරයෙකු වූ දයා ලක්ෂ්මන් රාජපක්ෂ මහතාද පසු ගිය 3 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ආගමික කටයුතු හා සදාචාර වර්ධන ඇමැති හා ගම්පහ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පණ්ඩු බණ්ඩාරනායක මහතාගෙන් දයා ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ගනේමුල්ල පරකන්දෙණියේ පැවැති ජනහමුවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඒ මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික සාමාජිකයන් 300 පමණ පිරිසක්ද මෙදින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා