මහ කොටි 11ක් හමුදා අතින් මරුට

මහ කොටි 11ක් හමුදා අතින් මරුට

පුදුකුඩිඉරුප්පු සම්පූර්ණයෙන් මුදා ගැනීමේ මෙහෙයුමේදී කොටි සන්නද්ධ අංශයේ ප‍්‍රධාන පෙළේ නායක නායිකාවන් 11 දෙනෙකු මරුමුවට පත්වී ඇතැයි හමුදාව කියයි.

පසුගිය 2 වැනි දා සිට පැවැති දරුණු ගැටුම් වලින් මියගිය ත‍්‍රස්තවාදීන් අතර මේ නායකයන්ද සිටින බව යුද හමුදාව පවසයි.

මියගිය කොටි නායකයන් අතර රාධා බළකායේ නායක සිලම්බ රාජන්, සෝදියා කාන්තා බළකායේ ජ්‍යෙෂ්ඨ නායිකා මෝහනා, මාලතී බළකායේ නායිකා විදූෂා හා උපනායිකා දුර්ගා ජයන්තන් බළකායේ නායක කීර්ති, කොටි මෝටාර් අංශයේ නායක ගෝපාල් හා කොටි නායක ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක ගඩාෆි ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් වන තීපන්, නාගේෂ් හා රූබන් ද සිටිති.

ඊයේ (6) පෙරවරුව වන විට හමුදා ප‍්‍රහාරවලින් මියගිය ත‍්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 453ක් යුද හමුදා භට පිරිස් විසින් සොයාගෙන තිබේ. හමුදා ප‍්‍රහාරවලින් තුවාල ලැබූ කොටි නායකයන් අතර සන්නද්ධ අංශයේ නායක භානු, රාධා බළකායේ උපනායක අම්බවන් හා කොටි බිම් බෝම්බ අංශයේ ප‍්‍රධානී අස්මින් ද සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

ප‍්‍රභාකරන් සමඟ ජීවිතය බේරාගෙන සිටින කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් , සුසෙයි සහ නඩේසන් ඇතුළු නායකයන් යුදමුක්ත කලාපයේ සිටින සියලුම කොටි සාමාජිකයන් කැඳවා තවදුරටත් ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් තමන්ට නැති බව ප‍්‍රකාශ කැර තිබේ. ඔවුන් එම ප‍්‍රකාශය කර තිබෙන්නේ ප‍්‍රභාකරන් වෙනුවෙන් කරන ප‍්‍රකාශයක් ලෙසය.

සාමාජිකයන් රැක ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බව ප‍්‍රකාශ කර ඇති පොට්ටු අම්මාන් පුදුකුඩිඉරිප්පුවේදී මැරුම් කෑ සියලුම කොටි නායකයන් සිහි කැර හඬා වැටී තිබේ. යුද්ධය කරන්න බැරිනම් යන්නැයි පොට්ටු අම්මාන් මෙහිදී ගෝලයන්ට පවසා ඇත. කොටි නායකයන් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න සම්බන්ධව යුද මුක්ත කලාපයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇත.

ඊයේ දවස පුරාම යුද මුක්ත කලාපයේ සිට කිසිම ප‍්‍රහාරයක් එල්ල නොවූ බව යුද හමුදාව කියයි.

කීර්ති

කෝබින්

නාගේෂ්

තීබන්

විඩූෂා

අමිර්තප්

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා