රජයේ බදු මුදල් කිසිවක් නොගෙන පරිසරය රකින්න පියවර ගන්නවා

රජයේ බදු මුදල් කිසිවක් නොගෙන පරිසරය රකින්න පියවර ගන්නවා

- ඇමැති පාඨලී චම්පික රණවක බුලත්සිංහලදී කියයි

රජයේ ඇතැම් අමාත්‍යංශ ඇතුළු සමහර රාජ්‍ය ආයතන සංවර්ධනය සඳහායැයි කියමින් ජනතාවගෙන් එකතු කර ගන්නා බදු මුදල් ගසාකෑම් ගිල දමමින් සිටින මේ යුගයේදී පරිසර අමාත්‍යංශය රජයේ බදු මුදල් කිසිවක් නොගෙන පරිසර දූෂකයින්ගෙන් පමණක් ලබා ගන්නා මුදලින් පරිසරය සුරැකීම සඳහා දැවැන්ත වැඩ සටහන් අරඹමින් ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි පරිසර ඇමැති පාඨලී චම්පික රණවක මහතා බුලත්සිංහල දී පැවැසීය.

අමාත්‍යවරයා මේ බව හෙළිකළේ බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාව මගින් අරඹා ඇති කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ ආයතනයේ දෙවන අදියර නොබෝදා විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදීය.

බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාවේ මූලිකත්වය යටතේ ආරම්භ වූ තිබ්බොට්ටාවේ කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ මධ්‍යස්ථානයේ දෙවන අදියර විවෘත කරමින් පරිසර ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මධ්‍යස්ථාන නාමපුවරුව නිරාවරණය කරන ලද අයුරු.
පින්තූරය:- බුලත්සිංහල විශේෂ

මෙහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

දිවයිනේ සෑම තැනකම, නගරයකම පාහේ කසළ බැහැර කිරීම විශාල ප‍්‍රශ්නයක්ව පවතිනවා. කසළ බැහැර කිරීම සඳහා කිසියම් විසැඳුමක් ගත්තොත් ඇතැම් දේශපාලන පක්ෂ හා ජන කොටස් පරිසරය විනාශ කරනවා යැයි කියමින් විරෝධතා ව්‍යාපාර ගෙනගොස් ඒවා කඩාකප්පල් කරනවා.

ඒ නිසා ඒවාට නිසි විසැඳුමක් අදාළ පළාත් පාලන ආයතන වලට ගැනීමට නොහැකිව තියනවා. එසේම කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශවල විධිමත් නාගරික සැලැස්මක් නොමැති නිසා, කසළ බැහැර කිරීම අදත් උග‍්‍ර ප‍්‍රශ්නයක් වී තිබෙනවා.”

“බණ්ඩාරගම, බුලත්සිංහල වැනි කුඩා ප‍්‍රාදේශීය සභා කසළ සම්පතක් බවට පත් කරගෙන තියනවා. ඒ සඳහා පරිසර අමාත්‍යංශයේ උපරිම අනුග‍්‍රහය ලබාදීම නිසා ඉතා සාර්ථක අන්දමින් කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ කටයුතු කරගෙන යන අතර නගරය අලංකාර අන්දමින් පවත්වාගෙන යනවා.”

“බෝතල් නිෂ්පාදන සමාගම් බෝතල් බිඳීගිය පසු ඒවා බැහැර කිරීමේ අයිතිය ගතයුතුයි. පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදකයින්, විදුලි උපකරණ හා වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදකයින් ඒවා විනාශ වූ පසු බැහැර කිරීමේ අයිතිය ගත යුතුයි.

දූෂකයා දූෂණයේ වගකීම භාර ගැනීමේ ප‍්‍රතිපත්තිය මතයි අපි කටයුතු කරන්නේ්. ඒ අනුව දූෂකයාගෙන් ගනු ලබන මුදල් වලින් මෙවැනි දැවැන්ත කසළ ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා. මීට පක්ෂ, පාට භේදයක් නෑ. ජනතාව එකතු වී මීට සහාය ලබා දිය යුතුයි.”

“බස්නාහිර පළාතේ ජනතාවට නව පළාත් සභාවක් තෝරා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

රජය නියෝජනය කරන පාක්ෂිකයිනට අද තරගයක් නෑ. අද එ.ජා.ප.යක් නැහැ. එය අද සුළු ජාතික පක්ෂයක් බවට පත්වෙලා.

බහුතර සිංහල ජනතාව එ.ජා.ප.යට ඡන්දය දෙන්නේ් නෑ. මේ ජාතික බලවේගයේදී කළුතර දිස්ති‍්‍රක්කයේ 75% ජනතාව රජය හා එක්වී සිටිනවා. විපක්ෂයක් ඉතිරි වී නෑ.

බුලත්සිංහල ප‍්‍රාදේශීය සභා සභාපති තුසිත කුලරත්න මහතා - කාලයක සිට බුලත්සිංහල ප‍්‍රදේශයට කුණු දැවෙමින් තිබූ ප‍්‍රශ්නයක් වුණා.

මාගේ් සංකල්පයක් මත බුලත්සිංහල තිබ්බොට්ටාව ප‍්‍රදේශයේ කසළ ප‍්‍රතිචකී‍්‍රකරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හිටපු බස්නාහිර පළාත් සභා මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ හා පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ උපරිම මූල්‍ය අනුග‍්‍රහය මත සාර්ථක ව්‍යාපෘතියක් මෙන්ම ධන උල්පතක් බවට පත්කර ගැනීමට හැකිව තිබෙනවා.

තෙබුවන පියනන්ද හිමි, ඇතුළු බ.ප. අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ කලාප කළමනාකරු සුමිත් ජයසේකර සහ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ජනකාන්ත වැලිකල මහත්වරු මෙහිදී කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා