කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ තවත් සබ්මැරිනයක් සොයා ගනී

කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ තවත් සබ්මැරිනයක් සොයා ගනී

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට අයත් සබ්මැරීනයක් සොයා ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 8 වැනි කාර්ය සාධක සේනාංකය ඊයේ (14) සමත්විය. මේ සබ්මැරිනය වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ වෙරළේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් එය අඩි 24 ක් දිගින් හා අඩි 8 ක උසකින් යුක්ත වූ බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවැසීය.

මෙය කි‍්‍රයාකාරී තත්ත්වයෙන් පැවැති බවත් එය කි‍්‍රයාත්මක කිරීමට භාවිත කරන එන්ජිමද සහිතව සොයා ගැනීමට හැකි වූ බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කෙළේය.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් සඟවා ඇති අවි ආයුධ හා මෙවැනි යාත‍්‍රා පිළිබඳව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා