ඌවට ජානිපෙ සන්ධානයෙන් එයි

ඌවට ජානිපෙ සන්ධානයෙන් එයි

ඌව පළාත් සභා මැතිවරණය සඳහා ජාතික නිදහස් පෙරමුණ බදුල්ල, මොණරාගල දිස්ති‍්‍රක්ක දෙකෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගවැදීමට එම පක්ෂය තීරණය කැර ඇත.

ඒ සඳහා දිස්ති‍්‍රක්ක දෙකෙන් තරග කරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීමට තීරණය කැර ඇත. මොණරාගල දිස්ති‍්‍රක්කයට, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරී පත්ව සිටි ඩබ්ලිව්. ඒ. උදයකුමාර මහතා ද බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් රණවිරු කැප්ටන් මිහිමල් මුණසිංහ මහතා ද ජාතික නිදහස් පෙරමුණෙන් මෙවර ඌව පළාත් සභාවට තරග වදිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා