මහනුවර ශ‍්‍රීලනිප පළාත් පාලන මන්තී‍්‍ර සංවිධානයේ නව සභාපති රෝහිත

මහනුවර ශ‍්‍රීලනිප පළාත් පාලන මන්තී‍්‍ර සංවිධානයේ නව සභාපති රෝහිත

මහනුවර දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්තී‍්‍ර සංවිධානයේ නව සභාපතිවරයා ලෙස මහනුවර මහ නගර සභා මන්තී‍්‍ර රෝහිත ලාල් ධර්මසිරි මහතා තේරී පත්විය.

2002 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව මහනුවර මහ නගර සභාව නියෝජනය කරන ඒ මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. දැනට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා ලෙස කටයුතු කරයි.

මේ සංවිධානයේ නව ලේකම්වරයා ලෙස කුණ්ඩසාල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සී. කේ. රණතුංග මහතාත්, භාණ්ඩාගාරික වරයා ලෙස තුම්පනේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර රංජිත් ජයතිලක මහතාත් තේරිපත්වී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා