එජාප පළාත් සභා මන්තී‍්‍ර ධර්මතිලක ශී‍්‍රලනිපයට

එජාප පළාත් සභා මන්තී‍්‍ර ධර්මතිලක ශී‍්‍රලනිපයට

දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර ප‍්‍රණීත් ධර්මතිලක මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වෙයි.ඊයේ (17) ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ප‍්‍රණීත් ධර්මතිලක මහතා ප‍්‍රකාශ කෙළේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සිටිමින් රට දිනවිය නොහැකි නිසා මවුබිමට ආදරය කරන සැබෑ නායකයා සමඟ එක්වීමට තමා තීරණය කළ බවයි.

දකුණු පළාත් සභාවේ තවත් එ. ජා. ප. මන්තී‍්‍රවරුන් දෙදෙනකු ලබන සතියේදී රජයට එක්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙළ එජාපයේ කොටසක් අනුමත කළ බවත් ඊට සහය දැක්වීමට ද එම පිරිස තීරණය කළ බවත් ඒ මහතා කීවේය. නමුත් එජාප නායකත්වය විසින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බවත් පැවැසීය. එජාප නායකයා සතුව රට දිනවීමට පැහැදිලි වැඩ පිළිවෙළක් නැතැයි ද ධර්මතිලක මහතා කීවේය.

එජාප නායකයා විසින් අත්තනෝමතික ලෙස කි‍්‍රයා කරමින් මාතර දිස්ති‍්‍රක් එජාප නායකත්වය ඉවත් කැර වෙනත් අයෙකුට පැවරීමට කටයුතු කැර ඇති බවත්, මේ නිසා මාතර එජාප පාක්ෂිකයන් දැඩි කණස්සල්ලෙන් පසුවන බවත් ඒ මහතා අවධාරණය කෙළේය.

මෙවැනි සිද්ධියක් සිදුවූයේ පළාත් සභා ඉතිහාසයේ ප‍්‍රථම වරට බව අවධාරණය කළ ඒ මහතා එජාපය දුර්වල වූ අවස්ථාවේ මාතර දිස්ති‍්‍රක් නායකයා පක්ෂය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ බව ද කීවේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා සමඟ තවදුරටත් කටයුතු කිරීමෙන් රටටත් පක්ෂයටත් කිසිදු සෙතක් නැතැයි පැවසූ ඒ මහතා රට සංවර්ධනය කළ හැකි ජනාධිපතිවරයා සමඟ එක්වන්නැයි දකුණු පළාත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ද සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා