ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට තුනෙන් දෙකකට වැඩි ජයක් ලැබෙනවා

ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට තුනෙන් දෙකකට වැඩි ජයක් ලැබෙනවා

- ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත

ඌව පළාත් සභා මැතිවරණයේදී තුනෙන් දෙකකටත් වඩා වැඩි විශිෂ්ට ජයග‍්‍රහණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නා බව අධ්‍යාපන ඇමැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා පැවසීය.


එජනිස බදුල්ල දිස්ති‍්‍රක්කයේ නාම යෝජනා බාරදීමේ අවස්ථාවට එක්වූ සුසිල් පෙ‍්‍ර්මජයන්ත, ආරුමුගම් තොණ්ඩමන් ඇමැතිවරුන් හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක බුද්ධදාස මහතා බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට පැමිණි අයුරු. ඡායාරූපය ඉන්ද්‍රජිත් පෙරේරා

මෙවර මැතිවරණයේදී බදුල්ල දිස්ති‍්‍රක්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් ආවරණය වන පරිදි අපේක්ෂක ලැයිස්තුව සකසා ඇති බවත් හෙතෙම අනාවරණය කෙළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ති‍්‍රක්කයේ නාම යෝජනා පත‍්‍ර බාරදීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා මෙසේද පැවසීය.

මෙවර ඌව පළාත් මැතිවරණය ඉතා පහසුවෙන් ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වෙනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ අපේ කණ්ඩායමට කාන්තා නියෝජනය, නීතිඥ නියෝජනය, වෛද්‍ය නිලධාරීන්ගේ නියෝජනය හා රාජ්‍ය සේවකයින්ගේ නියෝජනය ඇතුළත් වෙනවා.

මෙවර අපේ අපේක්ෂක ලැයිස්තුවට නවකයින්ද ඇතුළත් කළා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායකයෙක් වශයෙන් හිටපු මහ ඇමැති වරයෙක් වන බුද්ධදාස මහතා කටයුතු කරන අතර මොනරාගල දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායකයා වශයෙන් ශෂේන්ද්‍ර රාජපක්ෂ නම් කර තිබෙනවා.

එජනිස මෙවර මහ ඇමැති අපේක්ෂකයෙක් නම් කර නැහැ.

ඌව පළාත් සභා මැතිවරණයේදී කුමන පක්ෂයක් රජය විවේචනය කළත් රජය ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළ නිසා ජනතාව රජය පිළිබඳ පැහැදීමකින් සිටිනවා.

යුද්ධයට නිවැරැදි නායකත්වයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා මෙරට සංවර්ධන වැඩපිළිවෙළටද නිවැරැදි නායකත්වයක් ලබා දෙනවා.

තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා

බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා එජනිස සමබර කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාති භේදයකින් තොරව බදුල්ල දිස්ති‍්‍රක්කය ගොඩනැගීම එජනිස අරමුණයි.

එයට වතුකරයේ දෙමළ ජනතාවගේද පූර්ණ ආශිර්වාදය ලැබෙන බව මට විශ්වාසයි. මෙවර මැතිවරණය ජයග‍්‍රහණය නොව විජයග‍්‍රහණය ලැබීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා.

මේ අවස්ථාවට බදුල්ල දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක බුද්ධදාස මහතා ද සහභාගී විය.

මෙවර සන්ධාන නාම යෝජනා ලැයිස්තුවට ජාතික මට්ටමේ දේශපාලණයන් ඥාාතීන් කිසිවෙක් ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා