දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදාවෙලා

දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදාවෙලා

- ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය ව්‍යාපාරිකයන්ට අද රටේ ඉතා හොඳ පසුබිමක් තිබෙන බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන සීදුව ලියනගේමුල්ල ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වානේ කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමෙන් පසු පැවැති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

වැඩිදුරටත් කථා කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දශක තුනක් තිස්සේ මේ රටේ පැවැති යුද්ධය අවසන් කරලා සාමකාමී වාතාවරණයක් ඇති වුණාට පස්සේ මේ රටේ ජීවත්වන අපි සියලුම දෙනාගේ එකම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබිලා.

ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වානේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ අවස්ථාව.
ඡායාරූප - සීදූව සමූහ

මේ නිසා දේශීය ව්‍යාපාරිකයන්ට හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා. අද රටේ තියෙන සාමකාමි තත්ත්වය මත.

ඒ නිසා දේශීය ව්‍යාපාරිකයනුත් අද ඉතාම උනන්දුවෙන් කටයුතු කරගෙන යනවා. තම කර්මාන්තශාලා ඉදිකිරීමට. මේ නිසා තරුණ තරුණියන්ට රැකියා ලැබෙන අතර රටේ ආර්ථිකයද ශක්තිමත් වෙනවා.

කුරුණෑගල නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා

දේශීය ව්‍යාපාරයක් අයෝජන මණ්ඩලයේ පහසුකම් සහිතව මේ ප‍්‍රදේශයේ ආරම්භ කිරීමෙන් ජනතාවට විශාල සේවයක් වෙනවා.

රැකියා විරහිත තරුණ තරුණියන්ට විශාල අවස්ථාවක් ලැබෙනවා.

කටුනායක සීදූව නගර සභාවේ උප සභාපපති ගාමිණී හෙට්ටිආරච්චි මහතා

අද අපිට නිදහස ඇතිව කථා කිරීමට අවස්ථාව ලැබී තියෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත‍්‍රස්තවාදය අවසන් කළ නිස යි. ඒ නිදහස ලැබීමෙන් පසු මෙවැනි කර්මාන්ත ශාලාවක් මේ ප‍්‍රදේශයේ ඇති කරලා තරුණ තරුණියන්ට රැකියා අවස්ථාව ලැබීම සතුªටට කාරණයක්.

මේ අවස්ථාවට සහභාගී වූ ලෑන්ඩ් මැක් ඉංජිනේරින් සමාගමේ අධිපති සරත් අමරකෝන් මහතාද කතා කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා