සඟවා තිබූ කොටින්ගේ අවි ආයුධ සොයා ගැනේ

සඟවා තිබූ කොටින්ගේ අවි ආයුධ සොයා ගැනේ

වව්නියාව වෙප්පන්කුලම් ප‍්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 10 සහ කිලෝ 5ක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 4ක් සහ යුදහමුදාව විසින් මුලතිව් පට්ටිකරෙයි ප‍්‍රදේශයේදී ගුවන් යානා නාශක මිසයිල 3ක් ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබේ.

වෙප්පන්කුලමේදී සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම්කට්ටල අතර පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් බරැති ඇඳුම් කට්ටල එකක් සහ කිලෝ 05ක් පුපුරණ ද්‍රව්‍ය අඩංගු ඇඳුම් පැළඳුම් කට්ටල 3ක් තිබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.

එහිදී බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටනේටර් 33ක්, එම වයර් කෝඩ් 02ක් රිමෝට් ඇන්ටෙනා 01 සහ ටයිමර් 02ක් සොයාගෙන ඇත.

යුද හමුදාවේ පට්ටිකරෙයි ප‍්‍රදේශයේදී යුද හමුදාවේ කාර්ය සාධක බලකා 8 විසින් සිදුකළ මෙහෙයුමකදී ගුවන් යානා නාශක මිසයිල 3ක්, බොඩි ට‍්‍රාජස් 05ක්, මිලිමීටර් 40 ග්‍රෙනේඩ් ලෝන්චර් 01ක්, මිලිමීටර් 60 පැරාඑලුම්නේෂන් බෝම්බ 02ක්, පුද්ගල නාශක බෝම්බ 71ක්, ඩෙටනේටරයක්, මිලිමීටර් 60 මෝටාර් බෝම්බ 09ක්, ටී 56 පතරොම් 4720ක්, ටී 56 මැගසින් 03ක්, කුඩා ක්ලේමෝ බෝම්බයක්, ආර්.පී.ජී. බෝම්බයක් සොයාගෙන තිබේ.

මීට අමතරව කාර්ය සාධක බලකා 8 විසින් පුදුමාතලාන්හි වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදී සිදුකළ මෙහෙයුම්වලින් අත්බෝම්බ 35ක් 81 පැරාබෝම්බ 06ක්, 81 පොස්පරස් බෝම්බ 03ක්, මි.මී. 81 මෝටාර් බෝම්බ 2ක් සහ මි.මී. 60 මෝටාර් බෝම්බ 36 ක්, අරූල් බෝම්බයක් සහ මි.මී. 40 අත්බෝම්බ විදිනයක් සොයාගෙන ඇත.

යුදහමුදාවේ 57 වැනි සේනාංකය විසින් මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේදී ගෑස් ආවරණ 02ක්, පුද්ගල නාශක බෝම්බ 02ක් සහ 12 - 7 ආයුධයක ඩ‍්‍රම්ස් 3ක් සොයාගෙන තිබේ.

මීට අමතරව කාර්ය සාධක බලකා 4 විසින් පුදුකුඩිඉරිප්පු බටහිර ප‍්‍රදේශයේදී අවිආයුධ තොගයක් සොයාගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා