මීගමු කොල්ල කල්ලිය ආයුධ-වාහන සමඟ දැලේ

මීගමු කොල්ල කල්ලිය ආයුධ-වාහන සමඟ දැලේ

මිනී මැරුම්, කොල්ල කැම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගත් මීගමුව පොලිසිය ඔවුන් කොල්ල කෑ වාහන දෙකක් හා අවි ආයුධ රැසක් සොයා ගෙන තිබේ.

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ මහතාගේසෘජු අධීක්ෂණය යටතේ දින කීපයක් තිස්සේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව එම කොල්ල කල්ලිය අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

කොල්ල කල්ලියේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනෙක් මෙසේ අත් අඩංගුවට ගනු ලැබ සිටිති. තවත් පිරිසක් පිටුපස පොලීසිය ලුහු බඳියි.

වෑන් රථ දෙකක්, ටී 56 ගිනි අවි, ගල්කටස් අවියක්, අත්බෝම්බ පතරොම් ඇතුළු කොල්ල කෑමට යොදා ගත් ආයුධ රැසක් ද සොයා ගත් පොලීසිය මොවුන් වාහන පැහැරගෙන ගොස් රියදුරන් ඝාතනය කළ තොරතුරු රැසක්ද අනාවරණය කර ගෙන තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ මහතාගේ උපදෙස් මත මීගමුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, උප පොලිස් පරීක්ෂක මහින්ද, සැරයන්වරුන් වන සුදත් ගුණවර්ධන, නිහාල් සුගත් සහ රත්නායක ඇතුළු කණ්ඩායමක් මෙහෙයුමට සම්බන්ධ වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා