මරණ දැන්වීම්

 


 

ස්වර්ගස්ථවීම්

ලසන්ත ජෝසප් ප්‍රනාන්දු - මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි ලසන්ත ජෝසප් ප්‍රනාන්දු, නැසීගිය බෙලාසම් ගේ පි‍්‍රය ස්වාමිපුරුෂයා වූද, නැසීගිය හෙන්රි බෙන්ජමින් සහ මෙරායා ප්‍රනාන්දුගේ පුතණුවන් වූද, ස්වර්ණිකා, මිරානි, ශෝභානි, රංජිත් සහ දේවේන්ද්‍රගේ සහෝදරයා වන ලසන්ත ජෝසප් ප්‍රනාන්දු මහතා ස්වර්ගස්ථ වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු පානදුර නල්ලූරුවේ පොදු සුසාන භූමියේ සිදු කෙරේ. මෘත දේහය දෙසැම්බර් මස 28 වන සඳුදා පානදුර කළුදෑවල “ජොන්සන් විලා” නිවසින් ප.ව. 4.30 පිටත්වේ.

මරණ දැන්වීම්

ගමගේ, පී. එම්. - රමණී ගමගේ (ශ්‍රී ලංකා ටෙලිකොම්) මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, සුරනි ගමගේ (කොළඹ දේවි බාලිකා) ගේ ආදරණීය පියාණන් වූද, විශ්‍රාමික රජයේ විගණන පරීක්ෂක පී. එම්. ගමගේ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 28 වෙනි සඳුදා සවස පන්නිපිටිය, කලල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 390/බී, පන්නිපිටිය පාර, කලල්ගොඩ, පන්නිපිටිය.


ඩී.බී. විතානගේ මහතා - රන්තොටුවිල “සඳකැළුම්” හි පදිංචිව සිටි විශ්‍රාමලත් විදුහල්පති ඩී.බී. විතානගේ මහතා 2009-12-26 වෙනි දින අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු බෙන්තොට ආදාහනාගාරයේදී දෙසැම්බර් මස 28 වැනි දින සවස 4.30 ට සිදු කෙරේ. මෙයට ශෝකයට පත් බිරිඳ හා දරු පිරිස. “සඳ කැළුම්”, රන්තොටුවිල.


ඩී.එම්. සෙනවිරත්න මහතා - කුමාරි අභයකෝන් (හේමමාලි බාලිකා විද්‍යාලය - මහනුවර) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සුමුදු (වෛද්‍ය ශිෂ්‍ය පේරාදෙණිය), ඉංදීවරී (කොළඹ කොටස් වෙළඳපල හා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය) ගේ ආදරණීය පියාණන් වූද, පද්මා කොටන්දෙනිය හා ටිකිරි කුමාරිහාමි රත්නායකගේ දයාබර සොහොයුරා වූද, රාජ්‍ය වැවිලි සංස්ථාව ඇල්කඩුව වැවිලි සමාගම හා මහනුවර ත්‍රිත්ව විදුහලේ හිටපු ගණකාධිකාරී වූද, ඩී.එම්. සෙනවිරත්න මහතා හදිසි අනතුරකින් පරලොව සැපත් වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 28 සඳු දින මාතලේ ප්‍රසිද්ධ සුසානභූමියේදී සිදු කරන බව සියලු ඥාති හිත මිත්‍රාදීන් වෙත කනගාටුවෙන් දැනුම් දෙනු ලැබේ. දේහය නිවසින් පිටත්වීම පස්වරු 3.00 ට. අංක. 105 උඩංගමුව, ලෑලිඅබේ, උකුවෙල, මාතලේ නිවසින් පස්වරු 3.00 පිටත්වේ.


වයලට් ඉන්ද්‍රාවතී (කුමාරිහාමි) අංගම්මන මහත්මිය - ගම්පොල අංගම්මන විසූ අභාවප්‍රාප්ත ටී. බී. හේරත් මහතාගේ (විශ්‍රාමලත් විදුහල්පති) ආදරණීය භාර්යාව වූද, කුසුම් තෙන්නකෝන්, ජයන්ති හේරත්, රංජිත් දෙනුවර, ගාමිණී දෙනුවර, පාලිත දෙනුවර, දුෂ්මන්තා අබේරත්න, රෝහිත දෙනුවර (නවසීලන්තය), වෛද්‍ය බන්දුල දෙනුවර, අසිත අංගම්මන, ටිකිරි කුමාරි විජේසූරිය, වෛද්‍ය ආනන්ද අංගම්මන, මංගලිකා මැදිවක සහ උපුල් දෙනුවරගේ ආදරණීය මෑණියන් වූද, අග්බෝ තෙන්නකෝන්, මහින්ද, හේරත්, චන්ද්‍රිකා, සන්ධ්‍යා, ලලිතා, ගයානි (නවසීලන්තය), වෛද්‍ය කුමුදුනී මාලා, පී. එන්. විජේසූරිය, වෛද්‍ය රෝහිණී, නලීන් මැදිවක සහ පි‍්‍රයංගනී ගේ දයාබර නැන්දණිය වූද, වයලට් ඉන්ද්‍රාවතී අංගම්මන මහත්මිය අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් මස 28 වෙනි සඳුදා ප.ව. 2.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේ බෞද්ධ අංශයේදී සිදුකරන බව සියලු ඥාති හිතමිත්‍රාදීන්ට සංවේගයෙන් දැනුම් දෙමු. (නිවසින් පිටත්වීම ප.ව. 1.30 ට) නො. 289/එච්, සිරිනන්ද ජෝතිකාරාම මාවත, හෝකන්දර පාර, තලවතුගොඩ. දු. ක. 011 2773291.


විමලසේන චරිත් නියෝමාල් - බලංගොඩ කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුවේ වසන්ත සහ ජැනට් විමලසේනගේ දයාබර පුතණුවන් වූද, මෙලනිගේ සොහොයුරා වූද, කමේෂ් මල්වාන (කූල්ටෙම්පො) ගේ මස්සිනා වූද, විමලසේන චරිත් නියෝමාල් (මෘදුකාංග ඉංජිනේරු ෆෝකෝනර්ස් (පෞද්ගලික) සමාගම, උපාධි අපේක්ෂක (එන්.අයි.බී.එම්. ආයතනය) හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු සඳහා දේහය 2009 දෙසැම්බර් මස 29 (අඟහරුවාදා) පස්වරු 3.00 ට 43 බී බදුල්ල පාර, රත්මලවින්න, බලංගොඩ නිවසින් බලංගොඩ ශාන්ත ජෝෂප් පල්ලිය වෙත රැගෙන යනු ලබන අතර භූමිදාන කටයුතු බලංගොඩ ශාන්ත ජෝෂප් සුසාන භූමියේදී සිදු කෙරේ.


සිරිපාල සේනාරත්න මහතා - මානෙල්ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, සංජය (සභාපති සබරගමු ප්‍රවාහන අධිකාරිය), චන්දිමා, සමන්ති යන අයගේ ආදරණීය පියාණන් වූද ප්‍රනීත් (ඩී.පීරිස් සමාගම), නලීන් (ඕස්ට්‍රේලියාව), සජිනි (ගුවන් විදුලි සංස්ථාව) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, සේනාරත්න ව්‍යාපාරයේ අධිපති සහ විශ්‍රාමලත් වාරිමාර්‍ග¡ ඉංජිනේරු සිරිපාල සේනාරත්න මහත්මා අභාවප්‍රාප්ත වූයෙන් 2009-12-30 වැනි දින සවස 5.00 ට කෑගල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරේ. නො.27, ක්‍රීඩාංගන පාර, කෑගල්ල.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා