ඉන්දු-කාශ්මීරයේ ආගමික පෙරහර තහනම්

ඉන්දු-කාශ්මීරයේ ආගමික පෙරහර තහනම්

ගැටුම්කාරී ඉන්දියන් කාශ්මීරයේ ආගමික පෙරහර පැවැත්වීම තහනම්කර තිබේ.

මේ තහනම නොතකා ෂයිටි මුස්ලිම්වරුන් පැවැත් වූ ආගමික පෙරහරක් නතර කිරීමට පොලිසිය ඉකුත් සෙනසුරාදා පියවරගෙන ඇත. පොලිසිය එල්ල කළ කඳුලුගෑස් සහ බැටන් පොලු ප්‍රහාරවලින් පුද්ගලයන් 40 කට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තාවේ. මේ අතර ශ්‍රී නගර් පොලීසියට අනුව, තව හතළිස් දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය කාශ්මීරය ඉන්දියාවට එරෙහි ව පසුගිය දසක දෙක පුරා බෙදුම්වාදී අරගලයක නියැලී සිටී.

මුස්ලිම් දින දර්ශනයේ මුල් මාසයවන මුහරාම් මාසයේ දී ලොව පුරා ෂයිටි මුස්ලිම්වරු ආගමික විරෝධතා පෙළපාලි පවත්වති. එම පෙළහර පැවැත්වෙන්නේ ඉමාම් හුසේන් නැමැති මීට ශතවර්ෂ 14කට පෙර කාබලා සටනින් මියගිය මහම්මත්තුමාගේ මුණපුරා අනුස්මරණය කිරීමටයි.

ආගමික පෙරහර පැවැත්වීම තහනම් කිරීම, ආගමික කටයුතුවලට නොමනා ඇඟිලිගැසීමක් ලෙස ෂයිට් ආගමික නායකයන් සහ දේශපාලන බලධාරීහු චෝදනා කරති. ආගමික නිදහසට බාධාකිරීම සම්බන්ධයෙන් සියලු දෙනා ම විරුද්ධව නැඟී සිටිය යුතු බව ඔවුන්ගේ මතයයි.

ඉන්දීය කාශ්මීරයේ අර්බුදකාරී තත්ත්වය නිසා මෙතෙක් මියගිය සංඛ්‍යාව 47,000 පමණ බව බලධාරිහු පවසන අතර, මානව හිමිකම් සංවිධාන මෙම සංඛ්‍යාව 70,000 ඉක්මවන බව පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා