පල්ලේපොළ ප්‍රා. සභාපති ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට

පල්ලේපොළ ප්‍රා. සභාපති ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට

මාතලේ පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් දිසානායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ රැසක් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූහ.

නාවුල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වසන්ත හෙට්ටිආරච්චි, මාතලේ දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සභාපතිනි ශිරානි දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ල. නි. ප යට එක්වූහ.

මාතලේ දිස්ත්‍රික් සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සමඟ පැමිණ ජනාධිපතිවරයා හමු වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව කීය. ජනාධිපතිවරයා සිදු කරන සංවර්ධන ක්‍රියාදාමයන් හේතුකොට ගෙන මෙසේ එ. ජා. පය ඇතැර දැමූ බව මෙම පිරිස කීහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා