දයාසිරිගේ කතාව අමූලික බොරුවක්

ලේක්හවුස් ජා.සේ.ස සේවකයන්ට පහර දී වැඩ තහනම් කළැයි කියන

දයාසිරිගේ කතාව අමූලික බොරුවක්

- ජා.සේ.ස. භාණ්ඩාගාරික

ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සේවකයින්ට පහර දී වැඩ තහනම් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලේක්හවුස් ජාතික සේවක සංගමයේ භාණ්ඩාගාරික ටී. එච්. ජී. පාලිත මහතා “දිනමිණ”ට පැවැසීය.

මේ වනතුරු ලේක්හවුස් ජාතික සේවක සංගමයේ කිසිවෙකුගෙන්වත් පළිගැනීමක් කර නැති බව පවසන පාලිත මහතා මේ වනතුරු කිසිම සේවකයෙක්වත් වැඩතහනමකට ලක් වී නැති බවද කීවේ ය.

සභාපතිවරයාගේ සිට සියලුම ශ්‍රී. ල. නි. ප පාක්ෂික සේවකයන්ගෙන් එජාප පාක්ෂික සේවකයක්ට කිසිඳු හිරිහැරයක් සිදු වී නැති බවද පාලිත මහතා තවදුරටත් කීවේ ය.

කිසිඳු ප්‍රශ්නයක් නොමැති ලේක්හවුසියේ එක්සත් ජාතික සේවක සංගමය පිළිබඳ දයාසිරි මන්ත්‍රීතුමා අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ජනතාව මුලා කර ඇති බවද භාණ්ඩාගාරිකවරයා වැඩිදුරටත් කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා