මරණ දැන්වීම්

 

 

අපවත්වීම්

පූජ්‍ය ඇත්තලපිටියේ නන්දසාරාභිධාන නායක හිමිපාණෝ අපවත් වෙති - බණ්ඩාරවෙල අමුණුදෝව රත්නායක මුදලින්දාරාම විහාරාධිපති ඌව සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය ඇත්තලපිටියේ නන්දසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 07 වන දින අපවත් වූහ. උන්වහන්සේ ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අමුණුදෝව පොදු ක්‍රීඩාංගනයේ දී2010 පෙබරවාරි මස 11 දින පස්වරු 02.00 ට සිදු කෙරේ. දැනුම් දෙන්නේ විශ්‍රාමලත් විදුහල්පති මුත්තෙට්ටුවේගම, ධම්මාකර හිමි, ශාස්ත්‍රපති ගොරැඩිය කුඹුරේ ධම්මසිරි හිමි, ශාස්ත්‍රවේදී කෝට්ටේගොඩ ඥානානන්ද හිමි ඇතුළු ශිෂ්‍ය පිරිස හා දායක සභාව.



මරණ දැන්වීම්

දංගේ සයිමන් අප්පුහාමි - මහනුවර ගෝල් ඉලෙක්ට්‍රිකල්ස්, ගෝල් ඉලෙක්ට්‍රිකල් ඒජන්සීස් සහ ගෝල් ඉලෙක්ට්‍රිකල් එන්ටප්‍රයිසස් යන ආයතනවල අධිපති, දංගේ සයිමන් අප්පුහාමි මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 2010 පෙබරවාරි 10 වැනි බදාදා සවස 4 ට මහයියාව ආදාහනාගාරයේදී සිදුකරණු ලැබේ. මෙයට සොවින් තැවෙන භාර්යාව සහ දරු පිරිස. 49/5, ශ්‍රී ධම්මසිද්ධි මාවත, අස්ගිරිය, මහනුවර.


මල්ලිකා සෙනරත් දසනායක සුබසිංහ මැණිකේ සඳලංකාව, නැසීගිය එඩ්වඩ් සුබසිංහ මැතිතුමාගේ ආදරණීය භාර්යාව වූද, පද්මා සත්කුමාර, පාලිත සුබසිංහ, ශ්‍රියංගනී ගුණසේකර හා දයා සුබසිංහගේ ආදරණීය මෑණියන් වූද, වීරසේකර සත්කුමාර, මාලනී අඹන්පොල, සුනිල් ගුණසේකර හා චාමලී රත්නායකගේ නැන්දණිය වූද සඳලංකාව අලුත් වලව්වේ පදිංචිව සිටි මල්ලිකා සෙනරත් දසනායක සුබසිංහ මැණිකේ 2010 පෙබරවාරි 08 වැනි සඳුදා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2010 පෙබරවාරි 10 වැනි බදාදා සවස 3.00 ට යෝගියාන ආදාහනාගාරයේදී සිදු කරනු ලැබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා