දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව පාකිස්තානයෙන්

දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව පාකිස්තානයෙන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස ශ්‍රී ලංකාවේ ෂෙහාන් අඹේපිටිය සම්මානයට පාත්‍ර වෙද්දී කළාපයේ වේගවත්ම කාන්තාව ලෙස පාකිස්තානයේ නසීම් අක්තාර් සම්මාන දිනා ගත්තාය.

22 හැවිරිදි නසීම්ගේ මේ ජයග්‍රහණය වසර 26ක දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පාකිස්තාන ක්‍රීඩිකාවක් ලැබූ ප්‍රථම ජයග්‍රහණය වේ. ඇය මීටර් 100 කාන්තා ඉසව්ව තත්පර 11.81 කින් නිමකළ අතර ප්‍රමිලා ප්‍රියදර්ශනී තත්පර 11.93 කින් එහි රිදී පදක්කම දිනා ගත්තාය. මාස 6 ක් එක දිගටම

මුළු ලෝකයම අමතක කොට ඉතා ධෛර්යවන්තව පුහුණුවීම් කළා. මගේ පුහුණුකරු මකූඩ් අහමඩ් සමග කළ එම පුහුණුවීම් ඉතා වෙහෙසකර එකක් වුණා. අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවලින් පසුව ගොඩක් අය කීවේ පාකිස්තානයේ මලල ක්‍රීඩාව දුර්වලයි කියා. මෙය හොඳම අවස්ථාවක් වුණා.

මගේ ජයග්‍රහණය අපේ රටේ අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය මට්ටමට එන්න ධෛර්යයක් වනවා” නසීම් ජයග්‍රහණයෙන් පසුව පැවැසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා