මරණ දැන්වීම්



 

අපවත්වීම්

 

ගෝනගලපුර ශ්‍රී සුධර්මාකර පිරිවෙණේ විහාරාධිකාරී පෝද්දිවෙල විමලධම්ම හිමිපාණන්වහන්සේ අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහනෝත්සවය 2010-04-03 වෙනි සෙනසුරාදා සවස 2.00 ට පමණ ගෝනගල මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයේදීසිදුකෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට විහාරාධිපති ගලගෙදර පඤ්ඤාසාර ස්ථවිරයන් වහන්සේ ඇතුළු ආදාහන කමිටුව.
 

ස්වර්ගස්ථවීම්


මේරි උර්සුලා කන්‍යාසොහොයුරිය
ස්වර්ගස්ථ වී ඇත. අවසාන කටයුතු යහපත් එඩේරා කන්‍යාරාමය බෝලවලානේදී 2010 අප්‍රේල් 03 වන දින පෙ.ව. 10.00 ට.
 

මරණ දැන්වීම්


ප්‍රනාන්දු එල්.ජී. (විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ)
පේෂකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පේෂකර්ම පරිපාලිකා එම්. සී. මිල්සි ප්‍රනාන්දුගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ එල්.ජී. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු අපේ‍්‍රල් 03 වැනි සෙනසුරාදා සවස 4.00 ට නල්ලූරුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 23, ජයන්ති මාවත, නල්ලූරුව, පානදුර.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා