මා එජාපයේ මහ පුටුවට එනවාමයි

මා එජාපයේ මහ පුටුවට එනවාමයි

-වජිර අබේවර්ධන

ඒකාන්තයෙන්ම තමා එක්සත් ජාතික පක්ෂ නායක පුටුව හිමිකර ගන්නා බව ගාල්ල දිසා මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මැතිවරණ රැලිවලදී දිගින් දිගටම අවධාරණය කර තිබේ. ”ඡන්දයෙන් පසු මා එජාපයෙන් ආන්ඩුවට යන බව බොහෝ දෙනා කියා තිබෙනවා. ඇත්ත, මා යනවා. ඒක ස්ථීරයි. හැබැයි යන්නේ අන් කිසිඳු තැනකට නෙවි පක්ෂ නායක පුටුවටයි” හෙතෙම අනාවරණය කර ඇත.

මෙම ප්‍රකාශය වජිර අබේවර්ධන මහතා පවසද්දී ඔහුගේ ආධාරකරුවන් ඔල්වරසන් දෙමින් පී‍්‍රති ඝෝෂා කර තිබේ.මම ප්‍රකාශය සිරිකොතට ආරංචි වීමෙන් පසු පක්ස නායක රනිල් වික්‍රමසිංහ මහතාට වික්‍රමසිංහවාදීන් ගතු කියන්න පටන් ගෙන ඇති බවද දැන ගැනීමට ඇත. සමීපයෙක් වන වජිර අබේවර්ධන මහතාගේ ප්‍රකාශයෙන් වික්‍රමසිංහ මහතාද අන්ද මන්ද වී ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා