නිව්යෝක් න්‍යෂ්ටික අවිහරණ සම්මන්ත්‍රණයට ඉරාන නායක අහමදිනිජාඩ් සූදානම්

නිව්යෝක් න්‍යෂ්ටික අවිහරණ සම්මන්ත්‍රණයට

ඉරාන නායක අහමදිනිජාඩ් සූදානම්

ලබන සතියේදී නිව්යෝක් හි පැවැත්වෙන න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ඉරාන නායක මොහොමඩ් අහමදිනිජාඩ් සූදානමින් සිටී. ඉරානයේ සැක සහිත න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීම සඳහා දැඩි සම්භාධක පනවන ලෙස අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ජගත් සංවිධානයෙන් ඉල්ලා ඇත.

මෙම සමුළුවේ සමාරම්භක සැසි වාරයට සහභාගී වීමට නියමිත විදේශීය නියෝජිතයන් අතර අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද වේ. න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අනුකූලතාවක් දක්වන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මෙම සමුළුව වසර පහකට වරක් පැවැත්වේ. ජාත්‍යන්තර පරමාණුබල අධිකාරිය සමඟ ඉකුත් සති අන්තයේදී ඉරානය පැවැත්වූ සාකච්ඡා වලින්ද අපේක්ෂිත ප්‍රථිපල ලැබී නැත.

ඉරානයට එරෙහිව ආරක්ෂක මණ්ඩලය ලවා හතරවන වරටත් සම්භාධක පැවැත්වීමේ ප්‍රයත්නයකට අමෙරිකාව මූලිකත්වය ගෙන ක්‍රියා කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා