මරණ දැන්වීම්




 

අපවත්වීම්

කිරින්ද පුහුල්වැල්ල ශ්‍රී ඉසිපතන පරිවෙනාධිපති ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගැටමාන්නේ සුමනවංශ ස්ථවිර හදිසියේ අපවත්වූ සේක. ඒ පිළිබඳ ආදාහන කටයුතු 2010.05.25 දින ප.ව. 3.00 ට විහාරස්ථාන ආදාහන මළුවේදී සිදුකෙරේ. දැනුම් දෙන්නේ සිසු පිරිස සහ දායක සභාව.

මරණ දැන්වීම්

ඉලංගගේ ලයනල් පෙරේරා - අංක. 988 ත්‍රිකුණාමලය පාර අලුවිහාරය මාතලේ විසූ ෆෙයිත් මෝටර්ස් අධිපති ඉලංගගේ ලයනල් පෙරේරා මහතා 2010.05.22 දින දෙවියන් වහන්සේ තුළ සැතපුන හෙයින් අවමඟුල් මෙහෙය 2010.05.25 දින ඉහත සඳහන් ලිපිනයේ සවස 2.00 ට පවත්වා පසුව ලංකා පෙන්තකොස්ත සභාවේ මාතලේට අයත් පොදු සුසාන භූමියේ ඇති කොටසේ තැන්පත් කරන බව දන්වා සිටිමු. ශෝකයට පත් බිරිඳ හා දරුකැල. දුරකථන 066-2230734.

පයාගල, පාලයන්ගොඩ "රෝඩ් වීව්" නිවසේ පදිංචිව සිටි කොළඹ නාගරික රථවාහන පොලිසියේ සේවය කළ විශ්‍රාමික පොලිස් පරීක්ෂක එච්.ඒ. මහින්ද මහතා (කළු මහත්තයා) 2010.05.22 දින හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.05.26 වන බදාදා සවස 3.00 ට පවුලේ සුසාන භූමියේදී සිදුකරන බව ඉතා සංවේගයෙන් දැනුම් දෙනු ලබන්නේ රංජනි හත්තැල්ල (භාර්යාව), නුවන් හත්තැල්ල (පුතා), ගයාන් හත්තැල්ල (පුතා).

ගාමිණි කුමාරසිංහ ප්‍රේමවර්ධන (විශ්‍රාමලත් පාඨශාලාචාර්ය) - විශ්‍රාමලත් පාඨශාලාචාරිණී රෝහිණි ගනේගොඩගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සංජීවනී ප්‍රේමවර්ධනගේ (ප්‍රා.ලේ.කා. - ඉංගිරිය), පියාණන් වූද, නන්දන පෙරේරා (අධ්‍යක්ෂ - වාසනා බේකර්ස්) ගේ මාමණ්ඩිය වූද, ගාමිණී කුමාරසිංහ ප්‍රේමවර්ධන මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 26 වන බදාදා ප.ව. 3 ට රැටියල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මෙයට ශෝකයට පත් පවුලේ ඥාතීන්. "ප්‍රාර්ථනා", රැටියල, ගෝවින්න.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා