රාජ්‍ය වෙසක් උත්සවය
මහියංගණය රජමහා විහාරයේදී

 

රාජ්‍ය වෙසක් උත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මහියංගණය රජමහා විහාරයේදී ආරම්භ විය. එහිදී රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර හතරක් අගමැතිතුමා විසින් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන්ට පිළිගැන්වූ අයුරු මෙහි දැක්වේ. තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා ද මෙහි වෙයි.




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ ගුරු රස්සා

ඇමැති තානාපති කතා පල දරයි

ශ්‍රීලාංකික ඉංග්‍රීසි ගුරුවරුන් දෙදහසකට කොරියාවේ පාසල්හි ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය කිරීම සඳහා ළඟදීම අවස්ථාව උදාවේ. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චොයි කි චුල් මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ අවස්ථාව ලබාදීමට එකඟත්වය පල කෙළේ ය. දෙවර්ෂයක කාලයක් කොන්ත්‍රාත් පදනමින් කොරියාවේ පාසල්වල ඉගැන්වීමට මේ ඉංග්‍රීසි ගුරුවරුන්ට අවස්ථාව ලැබේ.  මෙය ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට කොරියාවේ පාසල් හී ගුරු රැකියා ලැබෙන ප්‍රථම අවස්ථාව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විස්තර »

තරාතිරම නොබලා දඬුවම්

නාගරික සංවර්ධන අධිකාරියේ දූෂිතයන් සොයා මෙහෙයුමක්

නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති වලට පටහැනි ලෙස පසුගිය කාලය පුරා දූෂණ, වංචා සහ වෙනත් අකටයුතුකම්වල යෙදුණු නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙවැනි අකටයුතුකම් පිළිබද තොරතුරු රැසක් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් මේ වංචා දූෂණ සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම සමීක්ෂණ වාර්තාවට අනුව . . . . .

විස්තර »

විපතට පත් වූවනට සහන සලසන්න සැලසුම් හා ඇස්තමේන්තු ලබා දෙන්න

ජනපති

අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලැසීමට අවශ්‍ය සැලසුම්, ඇස්තමේන්තු සමඟ වහාම ලබා දෙන ලෙස රජය සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. මේ ජනතාවට සහන සැලැසීමට මෙන්ම දේපළවලට හා ගොවිතැන්වලට වන්දි ගෙවීමට අවශ්‍ය තරම් මුදල් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව රජය මේ දැනුම් දීම කර තිබේ. මේ සඳහා අවශ්‍ය කෙටිකාලීන, දිගුකාලීන සහ ක්ෂණික සැලසුම්, ඇස්තමේන්තු සමඟ වහා ඉදිරිපත් කරන ලෙස කෙරුණු දැනුම් දීමට අනුව මේ වන විටත්  දස ලක්ෂ 35ක මුදලක් රජය විසින් මුදා හරිනු ලැබ ඇත. පසුගිය සතියේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක පවුල් 93955ක 407549 දෙනකු පීඩාවට ලක්ව තිබේ.

විස්තර »

 හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති

   හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කොට ඇත. එහි ප්‍රථම රැස්වීම පැවැත්වීම සඳහා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම හම්බන්තොට සිංගප්පූරු ශාලාව වෙත පැමිණි අවස්ථාවයි මේ. මහාමාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක පි‍්‍රයන්ත බණ්ඩාර, වී. කේ. ඉන්දික, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහත්වරුද මෙහි වෙති.

 



වෙළඳ දැන්වීම් . . . .

 
මෙච්චර හොඳ පක්ෂය අපෙ සහිත විනේ
කා හටවත් කඩන්න බැහැ කිසිදු දිනේ
රනිල් කියන කතා ඇවිත් වදියි කණේ
දැන් ඔය ටික කඩා දැම්මෙ අපිද අනේ