බ්‍රිතාන්‍ය අයවැය හිඟය පවුම් බිලියන 156

බ්‍රිතාන්‍ය අයවැය හිඟය පවුම් බිලියන 156

වියදම් කපා ආදායම් මං වැඩි කිරීමට නව රජය සැරසෙයි

බ්‍රිතාන්‍ය නිල දත්ත ප්‍රකාශයන්ට අනුව 2009/2010 අයවැය හිඟය පවුම් බිලියන 156.1ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.1%ක් වන අතර මෙම වාර්තාගත හිඟය අවම කිරීමේ අටියෙන් නව බ්‍රිතාන්‍ය රජය රාජ්‍ය වියදම් පවුම් බිලියන 6කින් (ඩොලර් බිලියන 8.7කින්) කප්පාදු කිරීමට සැරසෙයි.

රාජ්‍ය භාණ්ඩාගාරය හිස් බව ප්‍රකාශ කරන කොන්සර්වැටිව් - ලිබරල් ප්‍රජාතන්ත්‍ර නව රජය ‘බහුලතා සමය’ අවසන් බව සඳහන් කරමින් වියදම් කප්පාදුව මෙන්ම ආදායම් උපද්දන මං පෙත් අනාවරණය කරන බව කියා තිබේ.

සමාජයීය වශයෙන් දිළිඳු කොටස් සුරකින පියවර ගන්නා අතර වියදම පවුම් බිලියන 6ක ඉතිරියක් ඇති කරන බව නව අගමැති ඩේවිඩ් කැමරොන් කියා ඇත. මේ අතර නියෝජ්‍ය අගමැති නික් ක්ලෙග් පවසා ඇත්තේ යුරෝ කලාපයේ මතුව ඇති අර්බුදය හමුවේ තවදුරටත් කප්පාදු කිරීම් වලින් වැලකී සිටිය නොහැකි බව ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා