ප්‍රංශයේ ජල ගැල්මකින් 20දෙනෙක් මිය යති

ප්‍රංශයේ ජල ගැල්මකින් 20දෙනෙක් මිය යති
 

ප්‍රංශයේ ජලගැල්මට ගොදුරු වූ නගරයක හානියට පත් මෝටර් රථ දියෙහි පාවෙමින් තිබෙන අයුරු ගුවනට දිස්වුණු ආකාරය

දකුණු ප්‍රංශයේ මධ්‍යධරණී වෙරළබඩ ඩ්‍රැගියුග්නාන්, ප්‍රදේශයේ වැහිකුණාටු මගින් ඇතිවූ ජලගැල්මෙන් පෙරේදා සවස වන විට 20 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වී තිබේ. ගැලවුම් කණ්ඩායම් අතුරුදහන් වූවන් සොයන අතර මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි පැවසී තිබේ.

2000 පමණ ගැලවුම් සේවක පිරිසක් වහලවල් මත හා මෝටර් රථ තුළ හිරවුණු පිරිස් බේරාගෙන ඇති අතර වහල මත රැඳුනවුන් හෙලිකොප්ටර් මගින් ද බේරාගෙන තිබේ. ඩ්‍රැගියුග්නාන් බන්ධනාගාරයේ පළමු මහල් දෙකම ජලයෙන් යටවීමත් සමඟ සිරකරුවන් 436 දෙනකු වෙනත් ස්ථානවලට ගෙන ගොස් ඇත. මෙය 1827 න් පසු ඇති වූ දරුණුම ජලගැල්ම බව සඳහන් ය. අධිවේගී දුම්රිය මාර්ග පවා ජලයෙන් යටවීමෙන් එම දුම්රිය සේවා ද අත්හිටුවා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා