කිර්ගිස්තානයේ ගැටුම්වලින් ලක්ෂ 2ක් අවතැන්

කිර්ගිස්තානයේ ගැටුම්වලින් ලක්ෂ 2ක් අවතැන්

කිර්ගිස්තානයේ කිර්ගිස් හා උස්බෙක් වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් මේ වනවිට 187 දෙනකු මියගොස් 2000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර 200000 ක පමණ පිරිසක් අවතැන්ව තිබේ. කිර්ගිස්තානයේ තත්ත්වය මානුෂික අර්බුදයක් විය හැකි බවට අනතුරු ඇඟවී තිබියදී, මියගිය අය වෙනුවෙන් තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්වී ඇති අතර ජාතික ධජය අඩකුඹ කෙරී තිබේ.

මේ අතර යාබද උස්බෙකිස්තානයට සරණාගතයන් ලෙස 75,000 ක් පමණ පැමිණ තිබෙන අතර තුවාලකරුවන් හා රෝගීන් හැර සෙස්සනට එරට ඉඩනොදෙන බව පැවසීමෙන් පසු බලාපොරොත්තු කඩවූ දස දහස් ගණන් පිරිස් දේශසීමාවට රොක්වෙමින් සිටින බවද වාර්තාවේ.

කිර්ගිස්තාන වාර්ගික ගැටුමෙන් විනාශවුණු ෂාක් ගම්මාන නිවසක් අබියස වැලපෙනා පුද්ගලයන් දෙදෙනෙකි මේ. ඒ.එෆ්.පී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා