මරණ දැන්වීම්

 


 

කුරුඳුවත්තේ එන්.එස්.ඩබ්ලිව්. ජේඩිංනෝනා නැසීගිය ජිනදාස කාරියවසම් මහතාගේ ආදරණීය භාර්යාව වූද, ඩන්ස්ටන් ජිනප්‍රිය (ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව), ලක්‍ෂමන් ජිනප්‍රිය (තැපැල් කාර්යාලය. මහනුවර) ගේ ආදරණීය මෑණියන් වුද, සුමිත්‍රා විතානගේ (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ), මල්කාන්ති දිසානායක ගේ නැන්දණිය වූද මුණුබුරු - මිණිබිරියන් වන ඉන්දික කාරියවසම් (ඒර්නස්ට් ඇන්ඩ් සන්ස් - මහනුවර) තරිදි කාරියවසම් (ලේක්හවුස් ආයතනය), සජිත් කාරියවසම් (කොමර්ෂල් බැංකුව - කොළඹ) ලක්ෂානි කාරියවසම් (හිල්වුඩ් විද්‍යාලය) සහ ආසිරි මල්ලවආරච්චි (ලේක්හවුස් ආයතනය) මිත්තනිය වූද ඩබ්ලිව්. ජේඩිංනෝනා මහත්මිය (87) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු බදාදා (28) සවස 3.00 ට අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය වතුගෙදර, කුරුඳුවත්ත අංක 5 නිවසේ තැන්පත් කර ඇත.

ජයසේකර චිත්‍රාංගනි - මහාචාර්ය උපාලි ජයසේකර ගේ ආදරණීය භාර්යාව වූද, ලලීන්ගේ (රාජගිරිය එච්. එස්. බී. සී.) වෛද්‍ය සංජිවිගේ (එක්සත් රාජධානිය) ආදරණීය මෑණියන් වූද, වෛද්‍ය කපිල ගුණසේකර (එක්සත් රාජධානිය) ගේ නැන්දනිය වූද, චන්න, ආචාර්ය සුනන්ද (ඇමරිකා එක්සත් ජනපදය) දයාමාල් සහ වෛද්‍ය මල්කාන්තීගේ දයාබර සොහොයුරිය වූද, චිත්‍රාංගනි ජයසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහනෝත්සවය 2010 ජූලි 28 දින බදාදා සවස 3.00 ට නාවල ප්‍රසිද්ධ සුසාන භූමියේදී සිදු කෙරේ.

ඩී.ඊ. වානගුරු (අත්තනායක) - නැසීගිය වෛද්‍යාචාය¸ ඩී.එස්.සී. අත්තනායක මහතාගේ දයාබර භාර්යාව වූද, විමල් (වෛද්‍ය), මහින්ද (නවසීන්තය), ජයසිරි (රක්නා ආරක්‍ෂක ලංකා). නැසීගිය ඉන්ද්‍රානිගේ දයාබර මෑණියන් වූද, රාණි (වෛද්‍ය) සුජාතා (නවසීලන්තය), ස්වර්ණා (ලංකා බැංකුව) යන අයගේ දයාබර නැන්දණිය වූද. ඩී.ඊ. වානගුරු මහත්මිය අවුරුදු 90 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මේ මස 28 වන බදාදා සවස 5.00 ට වෑතර පොදු සුසාන භුමියේදී සිදු කරනු ලබන බව සියලු නෑ හිතමිතුරන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. අංක 36, හොරණ පාර, හොරතුඩුව, පොල්ගස්ඕවිට. දුරකථන 0112704926.

කුමුදු ලාල් පින්තු මහතා – කොළොන්නාව මීතොටමුල්ලේ පදිංචිව සිටි නැසීගිය වෝල්ටර් හෙන්රි පින්තුගේ (ලේක්හවුස්) ප්‍රේමා පින්තුගේ ආදරණීය දෙටු පුත් දයා පින්තුගේ එකම සොහොයුරු කුමුදු ලාල් පින්තු මහතා (ඔපන් ආර්ක්) අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 28 බදාදා සවස 4.00 ට කොළොන්නාව සුසාන භූමියේදී සිදු කෙරේ.

සේනානායක ආර්.ජී. (ඩොලී) - නැසීගිය ආර්.ජී. සේනානායක මහතාගේ දයාබර බිරිඳ වූද, නැසීගිය ජයන්තගේ ආදරණීය මෑනියන් වූද. සුරණිගේ සෙනෙහෙබර නැන්දනිය වූද, චතුකගේ ආත්තම්මා වූද, නැසීගිය ඩී.ඩබ්ලිව්. සුභසිංහ දෙපළගේ දියණිය වූද, ජේ.ඩබ්ලිව්. සුභසිංහ, සීතා කිවිනි, නැසීගිය පර්ල් විජේවර්ධන, නැසීගිය එතෙල් අබේවර්ධන, නැසීගිය මාජි වික්‍රමසිංහ, නැසීගිය අයරින් මීගහවත්ත සහ නැසීගිය ආතර් සුබසිංහ යන අයගේ සහෝදරිය වූද ආර්.ජී. සේනානායක මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 28 වෙනි බදාදා සවස 6.00 ට බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකෙරේ. නිවසින් පිටත්වීම සවස 5.30 ට. “ග්‍රාස්මියර්”, 39, ග්‍රෙගරිස් පාර, කොළඹ 07.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා