කොලොම්බියාවට සහාය දුන්නොත් ඉන්ධන සැපයුම මුළුමනින් අත්හිටුවනවා

කොලොම්බියාවට සහාය දුන්නොත් ඉන්ධන සැපයුම මුළුමනින් අත්හිටුවනවා

වෙනිසියුලා ජනපති ඇමෙරිකාවට අනතුරු අඟවයි

කොලොම්බියාවෙන් හමුදා ආක්‍රමණයක් සිදුවෙතැයි අනුමාන කරන වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්, එහිදී එක්සත් ජනපදය කොලොම්බියාවට සහාය දැකුවුවහොත් එක්සත් ජනපදයට වෙනිසියුලාවෙන් ඉන්ධන සැපයීම මුළුමනින්ම අත්හිටුවන බවට පෙරේදා තර්ජනය කළේ වෙනිසියුලා කොලොම්බියා අර්බුදයෙන් ඈත්ව සිටින ලෙස ඔවුනට අවවාද කරමිනි.

ඉකුත් බ්‍රහස්පතින්දා වෙනිසියුලාව කොලොම්බියාව සමඟ පවත්නා සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හලේ කොලොම්බියානු ගරිල්ලන් 1500 ක් පමණ වෙනිසියුලාවේ කඳවුරු බැඳගෙන, එහි සිට කොලොම්බියාවට ප්‍රහාර එල්ල කරන බවට එරට ජනාධිපති අල්වාරෝ යුරිබි සිදුකළ චෝදනාවට ප්‍රතිචාර වශයෙනි.

”යැංකි අධිරාජ්‍යයේ පෙළඹීම ඇතිව කොලොම්බියානු ප්‍රහාරයක් සිදුවුවහොත් වෙනිසියුලා ජනතාවට පස් කන්නට සිදුවුණත් එක්සත් ජනපදයට තෙල් බිඳක් හෝ ලබා නොදෙන බවට” චාවේස් සපථ කළේය.

කොලොම්බියානු හමුදා ආක්‍රමණයක් සිදුවිය හැකි බව දැක්වෙන බුද්ධි අංශ තොරතුරු රැසක් පවත්නා බව ද, ඉකුත් වසර 100 යේ පැවතුණාට වඩා එවන් යුද්ධයක් ඇතිවීමේ විභවතාව වැඩිවී ඇති බවද චාවේස් වැඩිදුරටත් කියා තිබේ. ඒ සමඟම එවන් ප්‍රහාරයක් මැඬලීමට සූදානම් බව ඔහු කීවේ කි. මී. 2000 දෙරට අතර පවත්නා දේශසීමාව ඔස්සේ 20,000 ක පමණ භට පිරිසක් රඳවමින් ඔවුන් සීරුවෙන් තබමිණි.

චාවේස්ගේ මේ ක්‍රියාවලිය කොලොම්බියාවට එරෙහි දැඩි ප්‍රතිචාරයක් බව පවසමින් කොලොම්බියාව එක්සත් ජනපද සහාය පළවූයේ ඉකුත් සිකුරාදාය.

මේ අතර කියුබානු විප්ලවයේ 57 වැනි සැමරුමට සහභාගි වීමට නියමිතව තිබුණද අපේක්‍ෂිත කොලොම්බියා ආක්‍රමණය හමුවේ එම කියුබානු සංචාරය අවලංගු කරන බව ද චාවේස් පෙරේදා ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදයට කෙරෙන වෙනිසියුලා අපනයනයන් අතර 96.5% ක් ම තෙල් වන අතර වෙනිසියුලා තෙල් පරිභෝජනය කරන රටවල් අතර එ. ජනපදය ප්‍රමුඛයා වන බව සඳහන් වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා