හක්මනට
නව නගරශාලා ගොඩනැගිල්ලක්


හක්මන නව නගරශාලා ගොඩනැගිල්ලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල තැබූ අවස්ථාවයි මේ. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත් මහත්වරුද මෙහිවෙති. ඡායාරූපය - සුදත් මලවීර




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ව්‍යවස්ථාව වෙනස් කිරීම ජනතා කැමැත්ත අනුවයි

මමත් ආසයි පාර්ලිමේන්තු යන්න - ජනපති කියයි

ජනතාවට හිරි හැර කරන එන්. ජී. ඕ වලට ඕනෑ විදියට නොව, ජනතාවට ඕනෑ අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය බව අවධාරණය කරන ජනාධිපතිවරයා කොන්දේසි දමා ජනතාවට හිරි හැර කරන අයට වුවමනා විදියට නොව, ජනතාවට හිතවත්ව කටයුතු කරන අයට ඕනෑ විදියට ව්‍යවස්ථා වෙනස් කරන බව පැවැසීය.

විස්තර »

සිංහල කොටියකු නවගමුවේ දී අල්ලයි

  • දකුණේ අපරාධ රැසකට උදවු දීලා

  • කොටි නායකයන් රැසක් සමඟ හවුල්

සිංහල කොටි නායකයකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් නවගමුව දැඩිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොටි බුද්ධි අංශ නායකයන් සමඟ එක් වී දකුණේ අපරාධ සහ ඝාතන සැලැසුම් ක්‍රියාත්මක කිරීමට කොටින්ට සහාය වූ අයෙකි. කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරුක් අනුව මාස කීපයක් තිස්සේ පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. දකුණේ සහ උතුරේ කොටි අපරාධවලට වසර 18ට වැඩි කාලයක් මෙම සිංහල කොටියා සහයෝගය ලබා දී තිබේ. ඒ සඳහා විදේශ සංචාරවල ද යෙදී ඇත. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතන සැලසුමට උදව්දීම, ත්‍රීරෝද රියකින් ගොස් ප්‍රහාරයන් සඳහා පනාගොඩ හමුදා කඳවුර පෙන්වීම, පොල්හේන්ගොඩ හමුදා කඳවුරේ සිතියම් සකස් කර දීම,

විස්තර »

ළමා ගණිකා නිවසක්: 1929ට පැමිණිලි ගලයි

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් යොදවා පවත්වා ගෙන යන බව කියන ගණිකා නිවාසයක් පිළිබඳව ළමා උපකාරක සේවාවේ 1929 දුරකථන අංකයට පැමිණිලි ලැබී තිබේ. එවැනි පැමිණිලි ඇතුළුව ඊයේ (26) වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1650 ක් බව ළමා උපකාරක සේවා අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය. විශේෂයෙන් ළමා ගණිකා නිවාස ගැන ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ වන විටත් විමර්ශන ආරම්භ වී තිබේ. 1929 ළමා උපකාරක සේවය පසුගිය 22 වැනිදා ආරම්භ විය. ළමා හිංසනය පිළිබඳ වාර්තා සතියේ දිනවල කාර්යාල වේලාව ඉක්මයාමත් සමඟ ලැබෙන අතර එයට අදාළ දුරකථන ඇමතුම් අලුයම 3.00 දක්වා ලැබෙන බවත් දිසානායක මහත්මිය පැවසුවාය.

විස්තර »

බස් වැඩ වැරුම අත්හිටුවීමට තීරණ

අදට නියමිතව තිබූ පෞද්ගලික බස් වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි. බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර මහතා සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ. පැය තුනක් තිස්සේ මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම තීරණය බස් රථ හිමියන්ට දැන්වීමටද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති

විස්තර »

ජිනීවා නුවර එ.ජා. කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් සාමකාමී විරෝධතාවක



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එරෙහිව ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී සාමකාමී විරෝධතාවක නිරතවූ අයුරු.

මැතිනිය අගමැතිනි වී වසර 50යි

උපහාර උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වී වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (28) පස්වරුවේ උපහාර උත්සවයක් පැවැත්වේ.



වෙළඳ දැන්වීම් . . . .