මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට

ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ඇතුළු එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනෙක් ඊයේ (22) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගත්හ.

රාවුෆ් හකීම් මහතා සමග බසීර් සේගුඩාවුඩ්, හසන් අලි, නූර්ඩීන් මසූර්, ෆයිසර් කාසිම්, එම්. එස්. තවුෆික්, එම්. අසලාම් සහ ෆාරිස් යන එම පක්‍ෂයේ මන්ත්‍රීවරු ලෙස ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගත්හ.

රාවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ඊයේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා