අලුත් ශ්‍රී ලංකාවේ අලුත් කැබිනට්ටුවට අලුත් මුහුණු 20ක්

අලුත් ශ්‍රී ලංකාවේ අලුත් කැබිනට්ටුවට අලුත් මුහුණු 20ක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (22) දිවුරුම් දුන් ඇමැති මණ්ඩලයට නවක මුහුණු 20ක් එක්ව සිටිති.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතා මෙවර ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා ලෙස උසස්වීමක් ලබා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන වාසුදේව නානායක්කාර සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරු මෙවර නවක මුහුණු වශයෙන් ඇමැති මණ්ඩලයට එක්ව සිටිති.

නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ 16 දෙනකු මෙවර ඇමැතිවරුන් වශයෙන් උසස්වීම් ලබා තිබීම සුවිශේෂත්වයකි.

චන්ද්‍රසිරි ගජධීර, සාලින්ද දිසානායක, රෙජිනෝල්ඩ් කුරේ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ටී. බී. ඒකනායක, මහින්ද අමරවීර, එස්. එම්. චන්ද්‍රසේන, ගුණරත්න වීරකෝන්, මර්වින් සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාශ්‍රිත තිසේරා, රංජිත් සියඹලාපිටිය, ජගත් බාලසූරිය හා නවීන් දිසානායක මහත්වරු මෙසේ උසස්වීම් ලබා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා