මරණ දැන්වීම්




කේ.ඩී යසරත්න මහතා - (සනී මහත්තයා)
පිළියන්දල මාම්පේ විසූ පිළියන්දල බෝකුන්දර සමූපකාර සමිතියේ සේවය කළ දැනට රාගම පදිංචි ඊ.ඩී. කරුණාවතී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ආදරණීය දූවරුන්වූ අශෝකා සමන්මලී, ඔමිතා හේමමාලි, ආදරණීය බෑණාවරුන්වූ උපුල් අබේරත්න (කපිතාන් ශ්‍රී ලං නාහ) සුරේෂ් රත්නායක (ප්‍රවීන ඉංග්‍රීසි උපදේශක) වූද, කේ.ඩී. යසරත්න මහතා (සනී මහත්තයා) 2011-05-26 වන දින අභාවප්‍රාප්ත විය. දැනට දේහය රාගම පිහිටි අංක 727/1, ගැමුණු මාවත නාරංගොඩ පාලුව බටුවත්ත, රාගම නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු 2011-5-28 වන දින බටුවත්ත ආදාහනාගාරයේදී සවස 5 ට සිදු කෙරේ. මෙයට ශෝකයටපත් දූ දරුවන් සහ ඥාති පිරිස. 154923

මහින්ද වන්නි ආරච්චි මහතා - රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී ජිනරතන මාවතේ අංක 6 දරන නිවසේ විසූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ 8/C/N/2916  සේවය කළ සාජන් මහින්ද වන්නි ආරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011-05-30 දින සිදු කරන බව ඥාති මිත්‍රාදීන් වෙත ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. භාර්යාව ඇතුලු දූ දරුවන් සහ සහෝදර සහෝදරියන්. 154926

වික්ටෝරියා එමලියානා ද අල්විස් මහත්මිය - නැසීගිය කොන්රඩ් ද අල්විස් (ගිණුම් පරීක්‍ෂක දෙපාර්තමේන්තුව) මහතාගේ දයාබර බිරිඳ වුද, සරත් (විශ්‍රාමික සෙත්සරණ), ගරු රොහාන් ද අල්විස් පියතුමා (අධ්‍යක්‍ෂ කොළඹ කතෝලික මුද්‍රණාලය), මිල්රෝයි (අනිල් – එංගලන්තය), හිලේරියන් (රවී – දෝහා), නැසීගිය ලෙස්ටර්, රංජන් (රාජු – ව්‍යාපාරික) හයසින්ත්, රුවන්ති, ඩිලන්ත (ව්‍යාපාරික) යන අයගේ සදාදරණීය මෑණියන් වූද, මාලනී, ශිරෝමි, දර්ශනී, නෙළුම්, හර්බට් (හර්බි) හිලරි, ප්‍රියංකා යන අයගේ ආදරණීය නැන්දණිය වූද වික්ටෝරියා එමලියානා ද අල්විස් මහත්මිය ස්වර්ගස්ථ වූවාය. මැයි 28 සෙනසුරාදා පස්වරු 3.00 ට පෑලියගොඩ සාන්ත මරියා දෙව්මැදුරේ පැවැත්වෙන තුති පිදීමේ දේව මෙහෙයෙන් පසු භුමිදානය දෙව්මැදුරු සුසාන භුමියේදී සිදු කෙරේ. නො. 08, නාරම්මිණිය පාර, කැළණිය. 152222

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා