මරණ දැන්වීම්

 

 

 

පියසේන ගමගේ මහතා - සව්දියෙස් ගමගේ (නැසීගිය) මහතාගේ සහ එම මැතිණියගේ ආදරණීය පුත්‍රයා වූද වලස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ආචාරිණී ජිනේන්ද්‍ර ගමගේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද දියණියන් දෙදෙනෙකුගේ සහ පුත්‍රයන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් වූද මහවැලි අධිකාරියේ විශ්‍රාම ලත් ඒකක කළමනාකාර එඩ්වින් ගමගේ, කුරුණෑගල රෝහලේ ශෛල්‍ය වෛද්‍ය විරාජ් ගමගේ, මන්සුව ලංකා පුද්ගලික සමාගමේ සභාපති ආයුර්වේද වෛද්‍ය ජයවර්ධන ගමගේ, වාරිමාර්ග කාර්මික නිලධාරි සුමතිපාල ගමගේ සහ කරුණාවතී ගමගේ පේමා ගමගේ යන අයගේ ආදරණීය සහෝදරයා වූ පියසේන ගමගේ මහතා අවු. 60 ක් ආයු වළදා හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු අද (14) ප.ව. 3.00 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. "සමන්" හොරේවෙල, වලස්මුල්ල. 172574

වෙලේගේ ප්‍රේමා ජයසීලි - හම්බන්තොට ඉස්තරම් චම්පා කළු දොදොල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, නැසීගිය එස්. එච්. ඇල්බට් මුදලාලි මහතාගේ ප්‍රිය බිරිඳ ඩබ්ලිව්. ප්‍රේමා ජයසීලි මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011.06.14 වන දින අම්බලන්තොට ලුණම ආදාහනාගාරයේදී ප. ව. 4.30 ට පැවැත්වෙන බව කනගාටුවෙන් දැනුම් දෙන්නේ ශෝකයට පත් පුතනුවන් සහ දියනියන් ඇතුළු පවුලේ ඥාතීන්. 172060

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා