අභියාචනාධිකරණයේ සභාපති, ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. පී. ජේ. ඩෙප් මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (13) දිවුරුම් දුන් අවස්ථාව. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙහි වේ.
ඡායාරූප - සුදත් සිල්වා






සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ඩෙංගු මදුරුවාට බැටේ දෙන්න පරිසර හමුදාවක් පෙරට එයි

පොලිස් පරිසර ඒකක 441ක් සීරුවෙන්

මදුරු වාසස්ථානවලට වහාම නඩු

වාස්තු විද්‍යාඥයෝද සහායට එති

රට පුරා වේගයෙන් පැතිර යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා පොලිසිය, හමුදාව හා වාස්තුවිද්‍යාඥයන්ද සම්බන්ධ කරගත් නව උපායමාර්ගික වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක කරයි. එහි පළමු පියවර ලෙස පොලිස් පරිසර ඒකක 441ක් මේ වන විට රටපුරා ක්‍රියාත්මක වේ. මදුරුවන් බෝ වන ස්ථාන පවතී නම් එවැනි ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීම මෙම ඒකක මඟින් සිදු කරන බව පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ක්වින්ටස් රේමන්ඩ් මහතා පවසයි. මේ වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජුනි 20 සිට 26 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඩෙංගු මදුරු මර්දන කටයුතු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ඊයේ (13) ප්‍රකාශ කර සිටියේය.

විස්තර »

මෙරට හාල්වල ආසනික් නෑ

මෙරට නිෂ්පාදනය කරනු ලබන කිසිදු සහල් වර්ගයක ආසනික් නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු නොමැති බවට පරීක්ෂණවලින් හෙළිව තිබේ. ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සහල් නියැදි හැටක් සහ පලිබෝධ නාශක විසි අටක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. මේ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහළ තාක්ෂණයන් යටතේ නවීන විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින් විශේෂඥයන් පිරිසක් සහභාගී වූ බවද හෙතෙම කීවේය. මේ සම්බන්ධව සිය අමාත්‍යාංශය කිසිදු මොහොතක නිහඬව නොසිටි බවත්,ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව කතා කිරීම තමන්ගේ ක්‍රමය බවද කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විස්තර »

චැනල්-4 වීඩියෝ පටය සම්පූර්ණ අසත්‍යක්

ඩිජිටල් තාක්‍ෂණ විශේෂඥ සිරි හේවාවිතාරණ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බව කියන චැනල් 4 නවතම වීඩියෝ පටය සම්පූර්ණ අසත්‍ය එකක් යැයි ලොව ඉහළම පෙළේ ඩිජිටල් තාක්ෂණ විශේෂඥයකු වන සිරි හේවාවිතාරණ මහතා පවසයි. මේ වීඩියෝ පටය මඟින් හෙළිදරව් වන කරුණු සාක්ෂිවලින් තොරව තහවුරු කරන්නට උත්සාහ ගෙන ඇති බව හෙතෙම සඳහන් කරයි. සිස්කෝ ග්ලෝබල් බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ ඩිජිටල් වීඩියෝ ප්‍රඩක්ෂන්හි සේවය කරන හේවාවිතාරණ මහතා ප්‍රකාශ කරන්නේ මෙය සම්පූර්ණ බොරුවක් බවයි.

විස්තර »

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ 13 වන දිනට යෙදී තිබුණි. එහිදී අන්තෝනි මුනිඳුන්ගේ පිළිරුව රැගත් පෙරහර ගමන් ගන්නා අයුරු.
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

පොසොන් වන්දනාවට අනුරාධපුර-මිහින්තලේ නොමිලේ දුම්රිය සේවා

අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ට අද (14) සිට 17 වැනිදා දක්වා අනුරාධපුරය – මිහින්තලේ අතර නොමිලයේ දුම්රියෙන් යාමට හා ඒමට හැකි බව දුම්රිය අධ්‍යක්ෂ සැලසුම් විජය සමරසිංහ මහතා පැවසුවේය. එසේ ම අනුරාධපුරය දුම්රිය විශ්‍රාම ශාලාවල ද නොමිලයේ ලැගුම් පහසුකම් ලබාදෙන බව ද ඒ මහතා කීවේය.

විස්තර »

ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජාව අද සිට

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 49 වන වරටත් පවත්වන මිහින්තලා ආලෝක පූජාව අති උත්කර්ෂවත් අන්දමින් අද (14) පස්වරු 7.00ට ආරම්භ වේ. අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් යුතුව තෙදිනක් පුරා පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් පවත්වනු ලබයි.

විස්තර »

ඕස්ටේ‍්‍රලියාවට පනින්න හැදූ ශ්‍රී ලාංකිකයෝ
13ක් දැලේ

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා සූදානමින් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙක් ඉන්දීය කේරල ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස මදුරාසි, තිරුච්චි සහ වේලූර් යන ප්‍රදේශවල පිහිටි සරණාගත කදවුරුවල වාසය කර ඇති බවත් යාත්‍රාවක් මඟින් ඔස්ට්‍රේලියාවට යාම සඳහා කේරල ප්‍රාන්තයේ ඉරනාකුලම් වෙත පැමිණි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවත් වාර්තා වෙයි. ඉරනාකුලම් ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හළක් පරීක්ෂා කිරීමේදී මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ වන විට ඔවුන් සියලුදෙනාම වේලූර් සරණාගත කදවුරේ තාවකාලිකව රඳවා සිටින බවද තානාපති ආරංචි මාර්ග පවසයි.

විස්තර »

මාස 19ක් පඩි නෑ

මෙහේ තිහක් ඉරාකයේ උපවාසයක

මාස 19ක කාලයක් වැටුප් ලබා නොදීම හේතුවෙන් ඉරාකයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30 දෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. හිඟ වැටුප ලබා දී තමන් ශ්‍රී ලංකාවට පිටත්කර යවන ලෙසට ඉරාක රජයට බලකරමින් ඔවුන් මේ මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඉරාකයේ අල් - අමාරාහි කර්මාන්ත ශාලාවක ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසට පුද්ගලයෝ 41 දෙනකු අයත් වන බවත් අදාළ ගැටලුවට විසඳුම් ලැබෙනතෙක් උපවාසය අත් නොහරින බවත් ඊට එක්ව සිටින පිරිස ප්‍රකාශ කර තිබේ.

විස්තර »

ජනසන්නිවේදනය ජාතීන් අතර බැඳීම් හා
අන්‍යොන්‍ය අවබෝධය ඇතිකරන දම්වැලයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011ජූනි 07 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast