කළගෙඩිහේන - වේයන්ගොඩ මාර්ගයේ කාපට් කිරීමේ වැඩ අතරමඟ

පාර පළල් කිරිම නිමකරන තුරු

කළගෙඩිහේන - වේයන්ගොඩ මාර්ගයේ කාපට් කිරීමේ වැඩ අතරමඟ

අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග සියල්ලක්ම පාහේ මේ වන විට සංවර්ධනය වී ඇතත් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයත්, නිට්ටඹුව - කටුනායක මාර්ගයත් යා කැරෙන ප්‍රධාන අතුරු මාර්ගය වන කළගෙඩිහේන - වේයන්ගොඩ මාර්ගය සංවර්ධනය නොවීම ජනතාවට ප්‍රශ්නයක් වී ඇත.

2010 වසර මුලදී මාර්ග සංවර්ධන අධිකාරිය මේ මාර්ගය කාපට් කිරීම සඳහා වැඩ ආරම්භ කළද වේයන්ගොඩ මංසන්ධියේ සිට මීටර් 300 ක් පමණ දුරට කාපට් කර එය අතරමඟ නතර කෙරිණි.

එදා සිට මේ මාර්ගයේ ඇති වළවල් සඳහා තාවකාලික පිළියම් යෙදීම ද නතර වී ඇත.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු නාගූර් පිච්චෙයි මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ මේ මාර්ගය පළල් කර සංවර්ධනය කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් එසේ පළල් කරන තෙක් කාපට් කිරීම නතර කරන ලෙස අත්තනගල්ල, ශ්‍රී. ල. නි. ප. සංවිධායක නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පවසන්නේ මේ මාර්ගයේ පැරැණි පටු පාලම් දෙකක් තිබෙන බව ද, එම පාලම් සමඟ මාර්ගය ද පළල් කර වැඩිදියුණු කිරීමට තමා රජයට යෝජනා කර තිබෙන බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා