සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ලක්ෂ 50ක කප්පම් ඉල්ලා
පාසල් සිසුවා පැහැර ගනී

ආයුධ සන්නද්ධව පැමිණ
මව පුටුවක ගැට ගහලා

සිසුවා ජාතික පාසලක ක්‍රිකට් ක්‍රීඩකයෙක්

රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා ගල්කිස්ස ටෙම්පලර් පාරේ නිවසකට ඊයේ (25) සවස කඩා වැදී ඇති ආයුධ සන්නද්ධ සැකකරුවන් දෙදෙනකු විසින් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පැහැරගෙන ගොස් තිබේ. එම ශිෂ්‍යයාගේ මවගේ කටේ ප්ලාස්ටර් අලවා අතපය ගැට ගසා පුටුවකට බැඳ පැහැර ගැනීම සිදුකර ඇත. පැහැර ගැනීමට ලක් වූ දරුවා කොළඹ ප්‍රධානතම ජාතික පාසලක 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

විස්තර »

අපරාධ වැළැක්වීම හා නීති ආධාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා-රුසියා ගිවිසුමක්

අපරාධ වැළැක්වීම හා නීති ආධාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකාව හා රුසියාව අතර නව ගිවිසුමකට එළඹෙයි. දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ ගිවිසුම ඇතිකර ගැනීමට හැකිවී තිබෙන අතර එය දෙරටටම ඉතා වැදගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් දිසානායක මහතා පවසයි. අපරාධ මැඬ පැවැත්වීම හා ඊට අදාළ නෛතික ගැටළු අවම කරගැනීම සම්බන්ධයෙන් . . .

විස්තර »

මැතිවරණ පරාජයේ වගකීම
රනිල්-කරු-සජිත් බාරගත යුතුයි

නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර

රනිල්, කරු, සජිත් තිදෙනාම හවුලේ මෙවර මැතිවරණ පරාජය බාරගත යුතු බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර මහතා පවසයි. පරාජය සම්බන්ධව එකිනෙකාට දැන් සුපුරුදු පරිදි එජාප ඉදිරිපෙළ නායකයන් චෝදනා කරගනු ඇති බවත් පරාජයේ අවමානයෙන් කවුරුන් ගැලවුණත් පක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කැර ඇති බව නිහතමානීව එජාප නායකයන් පිළිගත යුතු බවත් ඒ මහතා කීය. යටිනුවර ප්‍රාදේශීය සභාව වැඩි ඡන්ද 15000කින් ජයගැනීමෙන් පසු . . .

විස්තර »

වැඩිම මනාප සන්ධානයේ උපුල්ට

දෙවැන්නා එජාපයේ ලෙනාඩ්

කඩුවෙල බුද්ධදාස ලංකාවෙන් තෙවැන්නා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ එහි හිටපු සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප 32264ක් ලබා ගනිමින් මෙවර මැතිවරණයේ වැඩිම මනාප ප්‍රමාණය ලබාගත් අපේක්‍ෂකයා බවට පත්ව සිටී. කැස්බෑව නගර සභාවේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් හිටපු සභාපති ලෙනාඩ් කරුණාරත්න මහතා දිවයිනේ වැඩිම මනාප ලබාගත් දෙවැන්නා වී ඇත. 

විස්තර »

දකුණු ආසියා කලාපයේ මානසික වර්ධන විශේෂ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්

දකුණු ආසියා කලාපයේ මානසික වර්ධන ඌනතාවයන්ට මුහුණදෙන ළමයින් පිළිබඳව විශේෂ සමුළුවක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී ඊයේ (25) ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය අදහස් දැක්වූ අයුරු.

6 වැනි කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන භූමි පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිරීක්ෂණයට

ලබන වසරේ අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත 6 වැනි දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශන භූමි පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අවස්ථාවේ එම භූමියේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය ඇතුළත් සිතියමක් පරීක්‍ෂා කරන අයුරු. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ හා ප්‍රධාන ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූපය – සුදත් සිල්වා

පටු ඕනෑ එපාකම් මත මේ රට කඩන්නට ඉඩදෙන්නේ නැහැ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011 ජූලි 19 කෝපායි හිදී

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
උතුරට විසඳුමක් දෙමු අපි එකමුතුව
රනිල් මැතිඳුගේ අදහස බලගතුව
පවසා තිබේ - ඇත එය සැලකිය යුතුව
මෙය මතයක්ය මුළු ජනතාවම පැතුව