වැඩිම මනාප සන්ධානයේ උපුල්ට

වැඩිම මනාප සන්ධානයේ උපුල්ට

දෙවැන්නා එජාපයේ ලෙනාඩ්

කඩුවෙල බුද්ධදාස ලංකාවෙන් තෙවැන්නා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ එහි හිටපු සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප 32264ක් ලබා ගනිමින් මෙවර මැතිවරණයේ වැඩිම මනාප ප්‍රමාණය ලබාගත් අපේක්‍ෂකයා බවට පත්ව සිටී.

කැස්බෑව නගර සභාවේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගත් හිටපු සභාපති ලෙනාඩ් කරුණාරත්න මහතා දිවයිනේ වැඩිම මනාප ලබාගත් දෙවැන්නා වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදුනු ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 31930කි. කඩුවෙල මහ නගර සභාවට සන්ධානයෙන් තරග වැදුනු ජී. එච්. බුද්ධදාස මහතා මනාප ඡන්ද 29,719ක් ලබා ගෙන දිවයිනේ තෙවැනි තැනට පත්ව ඇති අතර එහි දෙවැනි තැනට පත්වූ බුද්ධික තුෂාර මහතා මනාප 23621ක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.

මීට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේදී මහර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ සහන් ප්‍රදීප් විතාන මහතා මනාප 26370ක් ලබා ගනිමින් පළාත් පාලන මැතිවරණයකදී දිවයිනේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්ව සිටියේය. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ හිටපු සභාපති උපුල් මහේන්ද්‍ර අදිකාරී මහතා මෙවර එම වාර්තාව බිඳ දමා ඇත.

මෙවර මැතිවරණයේදී අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය මෙවර ප්‍රථම වරට එක්සත් ජාතික පක්‍ෂයට අහිමි විය. එමෙන්ම මිනුවන්ගොඩ නගර සභාවද මෙවර එක්සත් ජාතික පක්‍ෂයට අහිමිවීම විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා