මීරිගම අතුරුමාර්ග සංවර්ධනය කරයි

මීරිගම අතුරුමාර්ග සංවර්ධනය කරයි

නිම නොකළ ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම්

උඩුගම අතුරු මාර්ග සංවර්ධනය කරමින්

වසර ගණනාවක් තිස්සේ කිසිදු මාර්ග සංවර්ධනයක් සිදු නොවුණ ප්‍රදේශ ගණනාවක ග්‍රාමීය අතුරු මාර්ග රැසක් කඩිනම් සංවර්ධනයකට ලක් කිරීමටත්, මීරිගම කොට්ඨාසයේ අත්තනගල්ල හා මිනුවන්ගොඩ කොට්ඨාස වලට මායිම් වන ගම්මාන ගණනාවක්ම පුළුල් කර සංවර්ධනය කිරීමට මීරිගම ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා පියවර ගෙන ඇත.

උඩුගම ජේතවනවත්ත මාර්ග සංවර්ධනය, උඩුගම වෙන්දේසිවත්ත, අතුරු මාර්ග මුද්දරගම, හකුරුකුඹුර, රේන්දපොළ ප්‍රදේශය ඇතුළු ග්‍රාමීය මාර්ග රැසක් මෙසේ සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත.

මීරිගම පොදු වෙළෙඳ සංකීර්ණයේ ගොඩනැගිලි පද්ධතිය ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර රණවීර මහතා ඇතුළු පිරිස නිරීක්ෂණය කරමින්

මෙයට අමතරව මීරිගම මහල් වෙළෙඳ සංකීර්ණය, කොට්ඨාසයේ සති පොළ අඩක් නිම කර ඇති ව්‍යාපෘති කිහිපයක්ම කඩිනමින් සංවර්ධනයකට යොමු කිරීම අරමුණු බවත් ප්‍රාදේශීය සභාවේ පවතින මුදල් හිඟකම ණය බර ඇතුළු ගැටලු රැසක්ම බාධකයක්ව ඇතැයිද රණවීර මහතා පැවසීය.

මීරිගම ප්‍රාදේශීය සභාපති ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර රණවීර මහතා

ප්‍රාදේශීය සභාව නිකම් ආදායම් නැති හිස් මල්ලක්. හොර මැර දූෂණ ක්‍රමයෙන් කපා හැර ආදායම් තත්ත්වය ගොඩනගමින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම කරගෙන යනවා.

ප්‍රාදේශීය සභාවේ මුදල් නැහැයි කියා සංවර්ධනය නවත්වන්න බැහැ. මීරිගම මහල් වෙළෙඳ සංකීර්ණය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආධාරය ලැබෙමින් පවතිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා