මරණ දැන්වීම්




ඇල්ෆ්‍රඩ් එදිරිසිංහ මහතා (ආරම්භක සභාපති - ඇල්ෆ්‍රඩ් එදිරිසිංහ සමාගම)
චින්තක හා ධම්මික ගේ ආදරණීය පියාණන් වූද, රොස්්‍යන්තිගේ මාමණ්ඩිය වූද, බිමල්කා සහ මනිල්කාගේ ආදරණීය සීයා වූද, ශ්‍රිමති ගුණදාස, නිව්ටන් (නැසීගිය), එඩ්වඩ් සහ ඩඩ්ලිගේ ආදරණීය සොහොයුරා වූද, දාස සමූහ ව්‍යාපාර අධිපති එස්. ඩී. ගුණදාස මහතාගේ මස්සිනාවූ, ඇල්ෆ්‍රඩ් එදිරිසිංහ මැතිතුමා 04.09.2011 දින අභාවප්‍රාප්ත විය. අවමගුල් පෙරහැර 07.09.2011 දින පස්වරු 3.30 ට නිවසින් පිටත්වේ. ආදාහන කටයුතු බොරැල්ල කනත්තේදී පස්වරු 4.00 ට සිදු කෙරේ. මෙයට ශෝකයට පත් පවුලේ සැම. 26සී,සේනානායක මාවත, නාවල. 263399

ඊටින් නන්නෙත්ති විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක දයාවතී ගුනසීලිගේ ස්වාමි පුරුෂයාවූද, නිමල්, සුනිල්, කුමාර දයාවංශ (නැසීගිය) චම්පා සහ නිශාන්තිගේ ආදරණීය පියානන්වූද, චාන්දනී, රම්‍යා, ඉරෝනිකා, රීසා සහ තිස්ස ගේ මාමණ්ඩියවූද, ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක අංශයේ සහකාර කළමනාකාරව සිටි ඊටින් නන්නෙත්ති මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 07 වෙනි බදාදා සවස 3.00 ට ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 163/5, වත්තේගෙදර පාර, මහරගම. 0112846063 263631

කුරුණෑගල තානියා ඉංජිනියර්ස් අධිපති සරත් ඩි සිල්වා - සිසිලියාගේ ස්වාමි පුරුෂයා වූද, තානියා, රයන් (නැසීගිය) යන අයගේ පියාණන් වූද, නිරන්ගගේ මාමණ්ඩිය වූද, දිනාදිත්ගේ සීයා වූද, කාන්ති, ශ්‍රීමා, නිමල්, ලක්ෂමන්, චන්දිකා, නැසීගිය රංජිත් සහ ගාමිණීගේ සොහොයුරු සරත් ඩී. සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011 සැප්තැම්බර් 07 දා මල් කඩුවාව පොදු සුසාන භූමියේ රෝමානු කතෝලික කොටසේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර මිල්ලවවත්ත, නුවර පාර, කුරුණෑගල නිවසෙන් සවස 3 ට පිටත්වේ. 264684

කොන්ස්ටන් රත්නායක එල්ලාවල - නැසීගිය ආනන්ද මහවලතැන්න එල්ලාවලගේ ආදරණීය බිරිඳ වූද, විජයන්ති සහ විශාකාගේ ආදරණීය මෑණියන් වූද, කන්නන්ගේ නැන්දනිය වූද, රම්‍යා සහ කෝසලාගේ මිත්තණිය වූද, ඇනට්, ලිලී, පියසීලි, කමලා, සීලී, වික්ටර්, ටයිටස් සහ කෝලිත රත්නායකගේ සහෝදරිය වූද, කොන්ස්ටන් රත්නායක එල්ලාවල මහත්මිය අභාවප්‍රාප්ත විය. අවමගුල් පෙරහැර 2011 සැප්තැම්බර් 8 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට නිවසින් පිටත්වේ. අවසන් කටයුතු එදින පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. 147/11, තුම්බෝවිල පාර, වෙද මාවත, බෝකුන්දර, පිලියන්දල. 263479

පී. ජේ. ආර්. සමරවික්‍රම, හිටපු මහ දිසාපති, රත්නපුර - කුසුම් සමරවික්‍රම (විශ්‍රාමික ආචාරිණී ෆර්ගසන් විදුහල, රත්නපුර) ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, අංජනා සමරවික්‍රම (සහකාර කළමනාකාරිණී NDB බැංකුව - කොහුවල) සහ ගීතාන් සමරවික්‍රම (ඉංජිනේරු ඩයලොග් සමාගම) ගේ ආදරණීය පියාණන් වූද, අනුෂික රණසිංහ (අධ්‍යක්ෂ ගැමා ෆීසා ක්‍රාෂ්ට් ලංකා සමාගම) අචලා ගීගනගේ (වෛද්‍ය රත්නපුර මහ රෝහල) යන අයගේ මාමණ්ඩිය වූද, රත්නපුර හිටපු මහ දිසාපති සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. ජේ. ආර්. සමරවික්‍රම මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු සැප්තැම්බර් 08 බ්‍රහස්පතින්දා සවස 3.00 ට රත්නපුර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අංක 27/5, කොලින්ස් චන්ද්‍රවංකය, මුවගම, රත්නපුර. 264691

ප්‍රියන්ත වත්තේගම මහතා - කොනයිසන්ස් ද සිලෝන් ආයතනයේ සේවයේ යෙදී සිටි ප්‍රියන්ත වත්තේගම මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසාන කටයුතු බදාදා (07) සවස 4.00 ට මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් මව - එන්. එල්. ඩී. බාලසූරිය, භාර්යාව - ප්‍රදිපිකා හෙට්ටිආරච්චි පුතා - ජූලන දිනුදය වත්තේගම ඇතුළු ඥාති පිරිස. 2/1-D, උඩුමුල්ල පාර, ගල්වාන හන්දිය, මුල්ලේරියාව 0112419786 264138

වයි සිරිසේන මයා. බණ්ඩාරගම රයිගම කහඹිලියාවත්ත ශ්‍රී සෝමානන්ද මාවතේ පදිංචිව සිටි බණ්ඩරගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වයි සිරිසේන (වයි එස්) මහතා අවු: 84 ආයුවළදා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011-09-08 වන බ්‍රහස්පතින්දා ප. ව. 4.00 ට බණ්ඩාරගම ආදාහනාගාරයේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස. 263787

වෛද්‍ය පී. බී. රණසිංහ මහතා - ඉන්ද්‍රානි රණසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ප්‍රියංකා (HDFC බැංකුව - ගම්පහ), චතුරානි (ගෝතමී බාලිකා - කොළඹ), ප්‍රසාදිකා - (Ranmalu ආයතනය - බියගම), වෛද්‍ය ලක්මාලි (නාගොඩ රෝහල - කළුතර) යන අයගේ ආදරණීය පියාණන් වූද, නිර්මල (MAS. linea - agua  - හංවැල්ල) (Trelleborg lanka -  සපුගස්කන්ද), චානක, වෛද්‍ය දිලීප යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, ඇඹිලිපිටිය මූලික රෝහලෙහි සේවය කර විශ්‍රාමලත් වෛද්‍ය නිලධාරී පී. බී. රණසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011.09.07 දින (අද) සවස 4.00 ට වැලිවේරිය ආදාහනාගාරයේදී සිදුකෙරේ. 36සී, උඩුපිල, දෙල්ගොඩ. (0777572028) 263996

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා