“අපගේ අනාගත කාර්යභාරය කුමක්ද යන්න වර්තමානයේදී තීරණය කළ යුතුය.”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2011.09.02 කොළඹ දී





සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

පෞද්ගලික සරසවි ඇරඹීම
රජයේ ප්‍රතිපත්තියක්

* ප්‍රමිතීන් ගැන පූර්ණ අධ්‍යයනයක් කළා

* නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්නේ නෑ

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම රජයේ ප්‍රතිපත්තියක් බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. මේ නිසා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පමණක් නොව තවත් එවැනි වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඉදිරියේ දී ආරම්භ කරන බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

විස්තර »

රජයේ වෛද්‍ය වර්ජනය සතියකින් කල් යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (6) සවස පැවැති සාකච්ඡාවකින් පසු අද (07) දින පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සතියකින් කල් දැමීමට එම සංගමය තීරණය කර ඇත. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාවන් පැවැත්වීමට යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී...

විස්තර »

තෙලිජ්ජවිල සිද්ධියට සම්බන්ධ වූවන්ට
තරාතිරම නොබලා දඬුවම් දෙනවා

අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ විදුහලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක දී දස හැවිරිදි දැරියක කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ වූවනට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) පැවැසීය.

විස්තර »

එජාපයට 65යි.

 එක්සත් ජාතික පක්‍ෂයේ හැටපස් වැනි (65) සංවත්සරය ඊයේ (6) දිනට යෙදී තිබිණ. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වන ඩී. එස්. සේනානායක මහතා සිහිවීමට ඉදිකර ඇති අනුරාධපුර පොලිස් වටරවුමේ ඇති පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම ඊයේ උදෑසන එජාප අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බංඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අයුරු.

ඡායාරූපය – අමිල ප්‍රභාත් වනසිංහ

මේ පාර ආනයනය කළ ඩීසල්
‘ඇම්බර්’
පාටයි

බයවෙන්න දෙයක් නෑ ප්‍රමිතියත් ඉහළයි

මෙවර ආනයනය කරන ලද ඩීසල් ‘ඇම්බර්’ (කහ මිශ්‍ර තැඹිලි) වර්ණයෙන් යුක්ත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා මහතා පවසයි. ආනයනය කරන ලද ඩීසල් සියයට සියයක් ප්‍රමිතියෙන්...

විස්තර »

වවුනියාවේ නිවාස 109ක්
අද ජනතා අයිතියට

වවුනියාව දිස්ත්‍රික්කයේ මැණික්ෆාම් ප්‍රදේශයේ ඉදිකළ නිවාස 109 ක් ජනතා අයිතියට පත් කිරීම ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදු කෙරේ. මේ සඳහා යුරෝපා හවුල අරමුදල් සපයා තිබෙන අතර එම නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබෙන බවත්, ඒ මඟින් ලබන 2013 වන විට නිවාස 2500ක්...

විස්තර »

දැඩි පෑවිල්ලකට හසුවු රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා, ලෝග්ගල්ඔය ජලාශ.


මේ දිනවල පවතින දැඩි පෑවිල්ලට හසුව රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා, ලෝග්ගල්ඔය ජලාශ සිඳී ගොස් ඇත. මෙහි දිස්වෙන්නේ රන්දෙනිගල ජලාශයේ ජලය සිඳී ඇති අයුරුයි.
ඡායාරූප – විමල් කරුණාතිලක

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
පැල්පත්වාසින් කොළඹින් එළවන බව කියා
රජයට අවලාද නඟා ජනයා රවටන නියා
එහෙම නොවන බව දැන ඇතැමුන් ගෙංගෙට ගියා
ඡන්දදායකයො හඳුනති “කබරය” -“තලගොයා”