‘යක්‍ෂ’ වෙස් ගත් තරුණයන් දෙදෙනෙක් නිවෙසකට කඩාවැදී කතකට හිංසා කරලා

‘යක්‍ෂ’ වෙස් ගත් තරුණයන් දෙදෙනෙක් නිවෙසකට කඩාවැදී කතකට හිංසා කරලා

* සිදුවූ ඇබැද්දිය තරුණිය අධිකරණයේදී හෙළිකරයි

* සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරයට

* කුරුණෑගල ප්‍රදේශ කීපයක කලින් සැරිසරලා

රතු පැහැති කමිසයකින් සැරසී සිටි පුද්ගලයෙක් ඉදිරිපස දොර කඩාගෙන නිවෙසට ඇතුළුවී මහලු මවක් එලියට ඇද දමා තරුණියකට අතවර කිරීමේ සිද්ධියක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වෙයි.ගී‍්‍රස් යකා මුවාවෙන් පසුගියදා ගැට්ටුවාන කොළපැලලිකන්දේ නිවෙසකට ඇතුළු වු හොරු දෙදෙනා තරුණිය විසින් හදුනා ගන්නා ලදී. දෙවැනි සැකකරු නිවෙසේ පිටුපස දොර ළඟ සිටි බවට අධිකරණයේදී හෙළිදරව් විය.

මොවුන් දෙදෙනා දින කීපයකට උඩදී මල්ලවපිටිය, තෙලියාගොන්න, මැහිඇල්ල යන ප්‍රදේශවල සිටි බවට තොරතුරු තව තවත් ලැබෙමින් පවතින බැව් පැමිණිල්ල ඉදිරිපත් කළ කුරුණෑගල පොලිසියේ අපරාධ හා දූෂණ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කියා සිිටියේය. සැකකරුවන් රිමාන්ඩ් සිරභාරයේ තබන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා ගොනු කරන ලෙසට පොලිසියට නියෝග කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා