මාඕ සටන්කරුවෝ 6500ක් නේපාල හමුදාවට

මාඕ සටන්කරුවෝ 6500ක් නේපාල හමුදාවට

නේපාල දේශපාලන පක්ෂ එරට සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ඇති කරගත් එකඟතාවේ දී පූර්ව මාඕවාදී සටන්කරුවන් 6500ක් නේපාල හමුදාවට අන්තර්ග්‍රහණය කිරීමට ගනු ලැබූ තීන්දුව රට සාම මාවතට යොමු වූ බව තහවුරු කරන්නක් යැයි මාඕවාදීන් ප්‍රකාශ කර තිබේ.

1900ක පමණ පූර්ව මාඕවාදී සටන්කරුවන් මෙතෙක් කල් කඳවුරු කීපයකට සීමා කෙරී තිබුණු අතර නව ගිවිසුමත් සමඟ ඔවුන් මුදාහැරෙන බැවින් නව ව්‍යවස්ථාවක් සැකසීමට මෙතෙක් පැවති බාධකය ඉවත්වන බව ද ඔවුහු කීහ. මෙය නේපාල සාම ක්‍රියාවලිය පරිපූර්ණ කිරීමේ ඓතිහාසික පියවරක් බවත් ඒ අනුව සාම ක්‍රියාවලියේ අතපසු වුණු කොටස් දැන් ක්‍රියාත්මක කළ හැකි බවත් වැඩිදුරටත් පැවසී තිබේ.

ගිවිසුමට අනුව නේපාල හමුදාවට අන්තර්ග්‍රහණය කෙරෙන 6500ක සටන්කාමීන් හැර සෙස්සනට ඩොලර් 6300 – 10200 අතර මූල්‍ය වන්දියක් ගෙවනු ලැබේ. තවද මාඕවාදීන් සතුව තිබුණු අවි ආයුධ රජයට බාරදීමට, සාමය හා ප්‍රතිසංධානය සඳහා වන කමිටුවක් පිහිටුවීමට හා මාඕවාදීන් අල්ලාගත් ඉඩම් යළි හිමිකරුවන්ට බාරදීමට ද ගිවිසුම මගින් එකඟතාව පලව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා