වෛද්‍යවරයාගේ ඉරණම තීරණය වන්නේ ජූරියේ දේශනයෙන්

ජැක්සන්ගේ මරණය පිළිබඳ නඩුව

වෛද්‍යවරයාගේ ඉරණම තීරණය වන්නේ ජූරියේ දේශනයෙන්

ලොස් ඇන්ජලීස්හිදී සති හයක් විභාගවුණු මයිකල් ජැක්සන්ගේ මරණය පිළිබඳ නඩුවේ අවසන් දින කීපයේ දී දෙපාර්ශවයේ නීතිවේදීන් ප්‍රබල ලෙස ගැටුණු අතර ඊයේ ජූරියේ දේශනයෙන් පසු ජැක්සන්ගේ වෛද්‍ය, කොන්රාඩ් මරේ ගේ ඉරණම තීන්දුවනු ඇතැයි සැලකී තිබිණ.  පැමිණිලි හා විත්ති පක්ෂ නීතිඥ දේශන පෙරේදා අවසන් විය.

මේ අනුව පිරිමි හතකින් හා කාන්තාවන් පස්දෙනකුගෙන් යුත් ජූරි සභාව ඊයේ ඔවුන්ගේ තීන්දුවට අදාළ දේශන පැවැත්වීමට නියමිත විය. මෙහි දී නොසිතාම මිනීමැරුමක් සිදු කළේ යන චෝදනාව 58 හැවිරිදි වෛද්‍ය මරේට එල්ල වී තිබෙන අතර ඔහු ඊට වරද කරු වුවහොත් සිවු අවුරුදු සිරදඬුවමකට යටත් කෙරෙනු ඇත.

වෛද්‍ය වෘත්තියේ යෙදීමේ වරම ද අහිමිවනු ඇත. ජූරියේ දේශන අවසන් වී ඔවුන්ගේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් නොවුණොත් ජූරියේ දේශන හා තීන්දුව ලබන සතියට ඇදී යනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා