මරණ දැන්වීම්




පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ධර්මදාස ඉලේපෙරුම මහතා -
තිලකා සේනානායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, මෙත්මා තරින්දි (කොළඹ ගෝතමී විදුහල) තිස්නා රසාංගි (පන්නිපිටිය ධර්මපාල විදුහල) යන අයගේ පියාණන්වූද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හොරණ හා මහරගම ශාඛා කළමනාකරුව සිටි ධර්මදාස ඉලේපෙරුම මහතා අභාවප්‍රාප්ත විය. පෙබරවාරි 25 සෙනසුරාදා පස්වරු 3 ට නිවසේදී ආගමික කටයුතු සිදු කිරීමෙන් පසුව පස්වරු පහට වෑතර ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කෙරේ. අංක 39, අම්බලන්ගොඩ, පොල්ගස්ඕවිට. දුර 0112704290 053304

වීරසේන - මිල්ටන් (ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුක්තව සිටි) චන්ද්‍රා යන අයගේ දයාබර ස්වාමි පුරුෂයාවූද, ක්‍රිෂාන්ති සහ ශිරෝමා යන අයගේ දයාබර පියාණන්වූද, බන්දුල සපුතන්ත්‍රි සහ වසන්ත ජයසූරිය යන අයගේ මාමණ්ඩියවූද, නුවන්ජලී සහ ඉරාන් යන අයගේ සීයාවූද, මිල්ටන් වීරසේන මහතා අභාවප්‍රාප්ත විය. අවමංගල පෙරහැර පෙබරවාරි 25 වෙනිදා සෙනසුරාදා ප. ව. 3.00 ට නිවසින් පිටත්වේ. ආදාහනය කනත්ත පොදු සුසාන භූමියේදී ප. ව. 4.00 ට සිදු කෙරේ. අංක 10, මහසෙන් මාවත, තිඹිරිගස්යාය. 054135

හේරත් සිසිර - මාතලේ කැන්දගොල්ල සිරිධම්මිස්සර ප්‍රදේශයේ අංක 231 නිවසේ විසූ, කුමුදුණි චන්ද්‍රපාණි රාජකරුණාගේ (පින්නවල මධ්‍ය මහා විදුහලේ) ආදරණීය ස්වාමි පුරුෂයා වූද, සන්තුෂ්ඨි, දුලංජා, කවිසර (ශිෂ්‍ය පින්නවල මධ්‍ය මහා විද්‍යාලය) යන අයගේ ආදරණීය පියාණන්වූද, විමලසිරි, නීල්, වසන්තා, කමල්, ගිල්මන්, ටොලින්, රෙජී යන අයගේ සොහොයුරාවූද, සෝභා, දම්මි, උඩුපිහිල්ල, ගීතා, ඉන්ද්‍රානි, රංජනී යන අයගේ මස්සිනාවූද, සවුදි අරාබියේ Ms Al-Subai ESP සමාගමේ සේවයේ නියුතුව සිටි සිසිර හේරත් මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි මස 25 වෙනිදා (සෙනසුරාදා) පස්වරු 3.30 රඹුක්කන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඒරියාව, අංක E60/2, මිහිඳු මාවත, රඹුක්කන. 057388

එච්. පී. අමරසිංහ මැතුතිමා - මීරිගම කුසුමා, චන්ද්‍රලතා මැතිණියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ප්‍රභාත්, සංජීව, සුරංග, සහ චතුරංගගේ ආදරණීය පියාණන් වූද, වෙළඳ ව්‍යාපාරික එච්. පී. අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 26/02/2012 වන ඉරුදින ප.ව. 4.00 ට විල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අංක 15/20, දංඕවිට පාර, මීරිගම. 057472

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා