සැබෑ දේශපාලනඥයන් කළ යුත්තේ පක්‍ෂ විපක්‍ෂ වශයෙන් කුළල් කා ගැනීම නොව ජනතා සේවයට කැප වීමයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
29. 01. 2012 පොළොන්නරුවේදී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම
මා. හිමිකම් ලොක්කී හමුවෙති

ජිනීවා නුවරදී ද්විපාර්ශ්වික හා
කණ්ඩායම් සාකච්ඡා

ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දීම සඳහා ද එම ව්‍යාජ චෝදනාවලින් නිදහස් වීම සඳහා ද මෙරට නියෝජිතයෝ සූක්ෂ්ම හා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිති.මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස මේ වන විටත් රටවල් ගණනාවක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ද කණ්ඩායම් සාකච්ඡා ද පවත්වා ඇත.

විස්තර »

කතරගම මැණික් ඉල්ලම් බිම
රු. කෝටි 27කට වෙන්දේසි වෙයි

මහත් ආන්දෝලනයකට පත් වූ කතරගම මැණික් ඉල්ලම ඊයේ රුපියල් කෝටි විසිහතක මුදලකට වෙන්දේසි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් ඉල්ලමක් මේ තරම් විශාල මුදලකට අලෙවි වූ ප්‍රථම අවස්ථාව බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති....

විස්තර »

තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන් වු විවිධ වර්ගයේ ජීවී පැළෑටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරිහු ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගත්හ. එම ජීව පැළෑටි රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ රංජන්, රේගු අධිකාරි ඩී. එම්. ඒ. දිසානායක, රේගු අධිකාරි විපුල ප්‍රනාන්දු, රේගු ජෛව විවිධත්ව අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, රේගු අධිකාරි ජාලිය පහළවිතාන යන මහත්වරුන්ගේ අධීක්ෂණයට ලක්වූ අයුරු.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

ශවේන්ද්‍ර ඉවත්කිරීම ගැන
රජය සොයා බලනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමසාධක කටයුතු පිළිබඳ උපදේශක කමිටුවෙන් ඉවත් කිරීම පිළිබඳව රජය සොයා බලන බව නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති නියෝමාල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

විස්තර »

ටොන් 1.5ක් බර වාහන 34ක්
අත උඩින් ධාවනය කරවයි

වරාය අධිකාරියේ මුදන්නායක ගිනස් පොතට

මෙට්‍රික් ටොන් 1.5 ක් බර එල්.300 වර්ගයේ වාහන 34 ක් මිනිත්තු 15 ක් තුළ සිය දකුණු අත මත ධාවනය කරවීමෙන් ලොව ශක්තිමත්ම ඇඟිලි සහිත මිනිසා ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ...

විස්තර »

බියගම විලේජ් හිමිකරු ඝාතනය ගැන
ළඟම ඥාතීන් දෙදෙනකු ගැන සැකයක්

කැලණියේ ‘බියගම විලේජ්’ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් දෙදෙනකු පිළිබඳව සැක සිතිය හැකි තොරතුරු පොලිසියට ලැබී තිබේ. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ව්‍යාපාරිකයාගේ අවමඟුල් උත්සවයට සහභාගි වී නොමැති අතර ඔහු පිළිබඳව සැකය වැඩි වශයෙන් යොමුවී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු ‘දිනමිණ’ට පැවසීය.

විස්තර »

රනිල්ගේ අලුත්ම බණ

“ඉස්සර සිට ම අපේ ජනතාව විවිධ නිකායන්වලට බැඳී - සිටිනවා. එම නිකායන් ආරක්ෂා කිරීමටත් බැඳී සිටිනවා. අද රට තුළ එබඳු නිකායවල් තුනක් තියෙනවා. වංචාව, නාස්තිය හා දූෂණය එම නිකායවල් තුනයි. එම නිකායවල් තුනට කව්රුත් අයිතියි. හැම කෙනෙක් ම කුමන හෝ නිකායකට ඇතුළත් වෙලා සිටිනවා. එතකොට මේ තත්ත්වය යටතේ....

විස්තර »

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 126 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් පැවැති දානමය පින්කම ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක සේවිකාවන් සහ බෞද්ධ සංගමයේ සහභාගිත්වයෙන් ඊයේ (24) පැවැති අවස්ථාවේ ලේක්හවුස් සභාපතිතුමා සහ රංජිත් විජේවර්ධන මහතා පිරිකර පූජා කළ අයුරු.
ඡායාරූපය සාලිය රූපසිංහ

 
පා පැදියට – කරත්තයට හොඳම තැනක් ලැබිලා
විපක්ෂයේ මත්තිරිවරු යති – දැන් එහි නැගිලා
ගොන් වස්සන්ටත් අමුතුම ජොලියක් ඇති දැනිලා
“පැජරෝ” මොකටද? කරත්ත – පා පැදි දෙමු බෙදලා!
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast