එජා කාර්යාලය ඉදිරිපිට මුස්ලිම් ජනතාව විරෝධය පළ කරති

එජා කාර්යාලය ඉදිරිපිට මුස්ලිම් ජනතාව විරෝධය පළ කරති

ඇමරිකාව ඇතුළු බටහිර බලවේගවල අතපෙවීම්වලට එරෙහිව ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව ඊයේ (02) එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූහ.

කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියේ ආගමික කටයුතු නිමවීමෙන් පසු එක්රැස් වූ මුස්ලිම් ජනතාව පා ගමනින් විරෝධතා පුවරු ඔසවාගෙන කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මූලස්ථානයට ගොස් සංදේශයක් බාරදුන්හ. එම කාර්යාලය ඉදිරිපිට ද විරෝධතාවක නිරත වූ මුස්ලිම් පූජකවරු ඇතුළු විශාල පිරිසක් විරෝධතාවට එක්වූහ.

ලෝක මුස්ලිම් සංවිධානය අන්තර් ආගමික සංවිධානය මජ්ස් උල් උලමා සංවිධානය යන සංවිධාන මේ රැලිය සංවිධානය කර තිබිණි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ලෝකයේ ඉහළපෙළේ මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා නොබලා අපේ රටට ඇඟිලි ගැසීම පිළිබඳව අප දැඩි විරෝධය පළකරන බවය.

කොළඹ නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා මෙහිදී කියා සිටියේ දෙමළ ප්‍රශ්න ලංකාව ඇතුළේ විසඳිය හැකි බැවින් ඊට බලපෑම් අවශ්‍ය නොවන බවයි. එම්.එම්. අමීන් මවුලවි තුමා ඇතුළු පූජකවරු හා මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

විරෝධයට එක්වූ පිරිස
ඡායාරූපය :- සුදත් නිශාන්ත

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා