මරණ දැන්වීම්




 

එම්. එන්. අධිකාරම් මහතා - (විශ්‍රාමලත් මැලේරියා මර්දන අධීක්ෂණ නිලධාරි) එම්. කේ. කරුණාවතී මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද දේවිකා අධිකාරම් (වයි. කේ. කේ. ගාමන්ට් කුරුණෑගල) ශ්‍රීමති අධිකාරම් ප්‍රසන්න අධිකාරම් (ලේක්හවුස්) යන අයගේ ආදරණීය පියාණන් වූද, සරත් රණසිංහ (තිළිණි ටයර් හවුස් කුරුණෑගල) සුනිල් වල්පොල (ආයුර්වේද ඖෂධ සංස්ථාව) රේණුකා වැදිසිංහ (මිරකල්) රෝහල කුරුණෑගල යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද රසිකා සුභාෂිණී ලක්මාල් මිල්කිනි, කණිෂ්ක, චතුරංග, ගිහාන් යන අයගේ ආදරණීය සීයා වූද, එම්. එන්. අධිකාරම් මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු අපේ‍්‍රල් 16 සඳුදා ප.ව. 4 කුරුණෑගල නාගරික පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව සහ දරු පිරිස. 25, උඩවල්පොල, කුරුණෑගල, 037-2227036.

විමලා හෙට්ටිගේ (ලේල්වල ලියනගේ) - සැමි කේ. හෙට්ටිගේ ආදරණීය භාර්යාව වූද විපුල් හෙට්ටිගේ (සර්ටිස් ලංකා පුද්ගලික සමාගම) ආදරණීය මෑණියන් වූද චමිලාගේ ආදරණීය නැන්දණීය වූද, සෙනුරි (විශාකා විද්‍යාලය) හා හිමේෂ (රාජකීය විද්‍යාලය) ගේ ආදරණීය ආත්තම්මා වූද අභාවප්‍රාප්ත වූයෙන් එම දේහය පිළිබඳ ආදාහන කටයුතු අපේ‍්‍රල් මස 16 වන සඳුදා ප.ව. 6.00 පැවැත්වෙන බව කණගාටුවෙන් දැනුම් දෙමු. අවමංගල පෙරහැර සවස 4.30 ට නිවසින් පිටත් වේ. නො 63, අලකේශ්වර පාර, ඇතුල්කෝට්ටේ.

විශ්‍රාමලත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සමාදාන විනිශ්චයකාර ඩී. සී. ඩී ඉලංගකෝන් මහතා - රාණී (විශ්‍රාමික ජර්මන් කාර්මික විද්‍යාලය) දයාබර ස්වාමි පුරුෂයා වූද, දයාල් (මංජු) (ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය) තුෂාරි සහ තරංගා (සහකාර කළමනාකාරිණී, මර්චන්ඩයිසර් ටයිමෙක්ස් ගාමන්ට්ස් යන අයගේ ආදරණීය පියාණන් වූද, රසිකා චම්පිකා සිරිවර්ධන (අධ්‍යක්ෂක අපරාධ වාර්තා කොට්ඨාශය) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද ඩී. සී. ඩී. ඉලංගකෝන් මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 16 වැනි සඳුදා සවස 5.30 ට ඇරැව්වල ආදාහනාගාරයේදී සිදු කෙරේ. 261/ඒ/33, දෙවන මාවත, සිරිපුර, පැලැන්වත්ත, පන්නිපිටිය.

ඒ. ඩී. චන්ද්‍රසේන කපුමහත්මයා (වේරහැර කපුමහතා) - නැසි ගිය විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඩබ්. ඩි. විමලාවතී මහත්මියගේ ස්වාමි පුරුෂයා වූද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ව්‍යාපෘති අංශයේ ඒ. ඩී. රෝහිත පත්මදේව සහ ලංකා ධීවර වරාය නිතීගත සංස්ථාවේ ඒ ඩී. දුමින්ද පත්මකුමාර යන අයගේ ආදරණීය පියාණන් වූද පුෂ්පා කාන්ති කලංසූරිය සහ අනුෂා කුමාරි ගජනායක යන අයගේ දයාබර මාමණ්ඩිය වූද කෝට්ටේ රජමහා විහාරයේ සතර දේවාලයාධිපති ඒ. ඩී. චන්ද්‍රසේන (වේරහැර කපුමහතා) අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසාන කටයුතු 2012 අප්‍රේල් 16 වන සඳුදින ප.ව. 03.00 ට කටුවාවල පොදු සුසාන භූමියේදී සිදුකරන බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.

මාපිටිගම පේ‍්‍රමතිලක මහ ලේකම් - ජේ. ආර්. ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රය, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ හිටපු ලේකම් වූද, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වූද, රුවන්වැල්ල මත්තමගොඩ පෙළගේ වලව්වේ පදිංචිව සිට නැසීගිය පී. බී. මාපිටිගම හා නැසීගිය ලීලාවති හිග්ගොඩ කුමාරි හාමිගේ ආදරණීය පුතණුවන් වූද නාලිනී සේනාරත්නගේ දයාබර ස්වාමි පුරුෂයා වූද වෛද්‍ය නෙත්තාංජලී (ප්‍රජා වෛද්‍ය විශේෂඥ පවුල් සෞඛ්‍ය කාර්යාංශය) හා නිරංජන (මෘදුකාංග ඉංජිනේරු ඇමෙරිකා එක්සත් ජනපදය) ගේ ආදරණීය පියාණන් වූද ජයම්පති ඒකනායක (විදුලි ඉංජිනේරු ල.වි.ම. ප්‍රධාන කාර්යාලය) සහ වෛද්‍ය රේණුකා කෝට්ටේගොඩගේ (ලය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය) මාමණ්ඩිය වූද තාරක (තොරතුරු තාක්ෂණ ආයතනය වැල්ලවත්ත) නේලක සහ ලසල්ගේ (ඇමරිකා එක්සත් ජනපදය) අත්තා වූද, නැසීගිය යසවතී, නැසීගිය වංසා, නැසීගිය කල්්‍යාණි, නැසීගිය සමරසිංහ සහ වික්ටර් වර්නන්, සුදර්මා සහ ෆ්‍රැන්සිස්ගේ දයාබර සහෝදරයා වූද නිහාල් සේනාරත්න, නැසීගිය ශ්‍රීමා ක්‍රිෂ්ණරත්න සහ අශෝක සේනාරත්නගේ මස්සිනා වූ පේ‍්‍රමතිලක මාපිටිගම මහතා අභාවප්‍රාප්ත වූයෙන් එම ආදානෝත්සවය බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී 2012.04.18 වෙනි දින සවස 3 ට සිදුකරනන බව කණගාටුවෙන් දැනුම් දෙමු. දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා කොළඹ 07 ධර්මපාල මාවතේ අංක 191 දරන ජේ. ආර්. ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රයේ තැන්පත් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා