2012-06-01

 

සමාධිය ඇතිවීමට නම්;

සමාධිය ඇතිවීමට නම්;

දැන් අපි අහල තියෙනවා නේද, මලක සුවඳ සිඹින වෙලාවක් මෙත් සිත වැඩුවොත්, ඒක මහත් ඵලයි කියල. ඇස්පිය ගහන වෙලාවක්, අනිත්‍ය වැඩුවොත් ඒක මහත් ඵලයි කියල අහල තියෙනව නේද? මේ අසා තිබෙන දේ අපි පුරුදු කරනවද කියල බලන්න¡ එහෙනම් ඒ අසා තිබෙන දේ, අපි දරාගෙන තිබෙනවද කියල කලපනා කරන්න¡ අපි දරාගෙන තිබෙනව නම්, "අනේ මට මේක අමාරුයි" කියල කෙනෙක්ට හිතන්නෙ නෑ.

ඇසිල්ලක් ගහන වෙලාවක් අනිත්‍ය වඩනවා නම්, ඒක මහත් ඵලයි කියල දේශනාවෙ තියෙනවා නේද? ඉතින් ඒ දේශනා අපි කියවල ඒව කෙරෙහි අපි පහදිනව නම් අපිට කොයි තරම් අනිත්‍යය වඩන්ට පුළුවන්ද?

ඇයි අපි නොකරන්නෙ? අපි ඒ දේශනාව තියෙන කාරණයට අමතර දෙයක් හොයනව. ඒ දේශනාවෙ තියෙන කාරණා දරාගෙන ඒ මත නෙවෙයි අපි කටයුතු කරන්නෙ වෙන දෙයක් හොයනව. අපි හොයනව කෝ සමාධිය කියල. කෝ මට වැඩෙන්නෙ නෑ කියල හොයනව නේද? අන්න එතන තමයි රහස.

මට සමාධිය වැඩෙනවද? එහෙම නැත්නම් මට සමාධිය එනවද? ඒක හොය හොයා ඉන්න කොට අපිට අනිත්‍යය වඩන්ට හිතෙන්නෙ නෑ. එයා බලන්නෙ කෝ මට හරියන්නෙ නෑනෙ කියල.

භාවනාව වැඩෙනවද කියල සොයා බලන්න කලක් එනව. හැබැයි අපි ආරම්භයේදී කරන්නෙ ඒක නෙවෙයි. එහෙනම් අපිට ඒ ධර්මය පුරුදු කරගන්ට නම් අප තුල තිබිය යුත්තේ ඒ දේශනාවෙ තියෙන කාරණා කෙරෙහි බලවත් පැහැදීම ඇතිකරගන්ට. බලවත් පැහැදීම ඇතිකර ගත්තොත් මෛත්‍රී භාවනාව අනිත්‍යය භාවනාව වගේ දේවල් අපේ ජීවිතයට බද්ධ කරගනීවි.

අන්න එයාට යම් කලකදී සමාධිය ඇතිවෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!