මරණ දැන්වීම්

 


එච්.කේ. බබුන්නෝනා -
හොරණ අරමනාගොල්ලේ සංජීවී හි පදිංචි නීතිඥ එස්.ඒ. ප්‍රේමරත්න (හිටපු පළාත් සභා මන්ත්‍රී බ/ප) ගේ සහ අයගම උඩුගල පදිංචි එස්. ඒ. සිලවතී යන අයගේ මෑණියන් වූද තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු ආචාරිණී කේ.වී.කේ. තිලකරත්න මහත්මියගේ නැන්දනිය වූද එච්.කේ. බබුන්නෝනා (ලිසිනෝනා) මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.02.06 සෙනසුරාදා සවස 4.30 ට හොරණ ප්‍රසිද්ධ සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයේදී සිදු කෙරේ. සියලු ඥාති මිත්‍රාදීන් මේ නිවේදනය පිළිගනිත්වා!. “සංජීවී” අරමනාගොල්ල, හොරණ. 034-2261112.

මාකොළ දකුණ - ඇසිලින් හපන්ගම මාතාව නැසීගිය ඩී. වයි. රණතුංග (කපුමහතා) ගේ ආදරණීය භාර්යාව වූද, නැසීගිය අමරරත්න රණතුංග, පද්මසිරි රණතුංග (ලේක්හවුස් - රොටරි මුද්‍රණ අංශය), කමලා රණතුංග (අධ්‍යාපන අමාත්‍යාංශය) විමල් රණතුංග (ව්‍යාපාරික) යන අයගේ ආදරණීය මෑණියන් වූ මාකොළ දකුණ අංක 412 පදිංචි ඇසිලින් හපන්ගම මාතාව අවු. 80 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූවාය. ඒ පිළිබඳ අවසන් කටයුතු 07.02.2010 ඉරු දින සවස 04 ට මාකොළ නෙල්ලිගහ කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

හීන්මැණිකේ සමරකෝන් මාතාව - නැසීගිය පියදාස සමරකෝන් මහතාගේ ආදරණීය බිරිඳ වූද ගීතානී වීරසිංහ (නවසීලන්තය), එස්.එම්.එස්. සමරකෝන් (මහාධිකරණ විනිසුරු), ස්වර්ණා පණ්ඩිතරත්න (නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය) මල්ලිකා සමරකෝන් හා සෙනාලි නානායක්කාර (නවසීලන්තය). යන අයගේ මැණියන් වූද නිහාල් වීරසිංහ (නවසීලන්තය), නීතිඥ විමලා සමරකෝන් (ඕස්ට්‍රේලියාව), සාම විනිසුරු නලින් පණ්ඩිතරත්න (ජාතික අධ්‍යාපන ආයතනය, විශ්‍රාමික) නැසීගිය ලාල් උඩවත්ත හා රුවන් නානායක්කාර (අබුඩාබි) යන අයගේ නැන්දනිය වූද හීන් මැණිකේ සමරකෝන් මාතාව අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 7 වන ඉරුදින පස්වරු 5.00 ට කිරුලපන සුසාන භුමියේදී සිදු කෙරේ. 75/1, රේල්වේ මාවත, නුගේගොඩ. දු.අ. 2819116

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා