මහවැලි ගඟ අසබඩ කොටින්ගේ ආයුධ

මහවැලි ගඟ අසබඩ කොටින්ගේ ආයුධ

කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය යුද පුහුණු කඳවුරක සඟවා තිබූ අවි ආයුධ රැසක් වැලිකන්ද පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා සොයාගනු ලැබීය.

අලිංචිපොතාන ගම්මානයට නුදුරු මහවැලි ගඟ අසබඩ සඟවා තිබූ මෙම අවි ආයුධවලට මි. මී. 60 මෝටාර් 1 ක් සහ උණ්ඩ 3 ක්, ටී 56 තුවක්කු 4, ආර්. පී. ජී. උණ්ඩ 7 ක්, ක්ලේමෝ බෝම්බ 1 ක්, ජොනී බට්ටන් 2 ක්, ගුවන් යානා නාශක උණ්ඩ 2, ටී 56 පතරොම් 2000 ක්, ටී 56 පුහුණු පතරොම් 2000ක්, එම්. පී. එම්. ජී. පතරොම් ගැබ් 8ක් සහ ජංගම දුරකතන 2 ක් අයත් වේ.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පෙරේරා මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායම එම අවි ආයුධ පරීක්‍ෂා කළ අවස්ථාව.
ඡායාරූපය - ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා