මහ මැතිවරණයට එජාපය එලවා දැමූ අලියා නැවත කැඳවයි

මහ මැතිවරණයට එජාපය එලවා දැමූ අලියා නැවත කැඳවයි

මහ මැතිවරණයේ දී අලියා හැර වෙන ලකුණකින් තරග නොකිරීමේ තීන්දුවකට එක්සත් ජාතික පක්ෂය එළඹ තිබේ.

මේ තීන්දුව මේ මස 11 දා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වා එහි දී අනුමත කරවා ගැනීමටද පක්ෂය තීන්දු කර ඇත.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා සවස 4.00ට

සිරි කොතේ දී මේ විශේෂ කෘත්‍යාධිකාරී රැස්වීම පැවැත්වීමට නියමිත අතර එය දැඩි තීරණාත්මක රැස්වීමක් වනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අලියා හැර වෙනත් කිසිදු ලාංඡනයකින් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන ලෙසට ආසන සංවිධායකයින් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විපක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර විපක්ෂ නායකවරයා ඊට එකඟ වී ඇති බවද දැන ගැනීමට තිබේ.

අලියා ලාංඡනය අතහැර වෙනත් ලාංඡන යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එජාප ඡන්ද දායකයන් ඡන්ද නොදී සිටීමට ඉඩ ඇති බවත්, එසේ ම එමඟින් ජනමතය වෙනස් වී යන බවත්, පක්ෂ සංවිධායකයින්ගේ අදහස වී ඇත.

එසේ ම පක්ෂයේ බොහෝ දෙනකුට සන්ධානගත වීමෙන් මහ මැතිවරණ අපේක්ෂක ධූර නැති වී යන බවට ද ඔවුහු පක්ෂ නායකයාට පෙන්වා දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා